ඉරාජ්ගේ ගීතය සහ එෆ් එම් නාලිකා වල සිටින පොලිස් ගැත්තන්.

හර්ෂි සි. පෙරේරා
නව පරපුරේ ජනප‍්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නගේ ‘පොලිසිය’ නමැති නව ගීත නිර්මාණයට ශ‍්‍රී ලංකාවේ එෆ් එම් නාලිකා නිල නොවන වාරණයක් පනවා ඇතැයි වාර්තාවෙනවා.

මෙම ගීතය ප‍්‍රචාරය කරන්නට ගිය විට ඇතැම් එෆ් එම් නාලිකා වලින් පැවසී ඇති අදහස නම් ‘ඉහළින් එපා කිව්ව නිසා මේක නම් දාන්න බෑ..’ ‘ආපෝ මේව දාල අපේ එෆ් එම් එකත් තහනම් කර ගන්න නම් බෑ..’ ආදී ප‍්‍රතිචාරයි.

ශ‍්‍රී ලංකා පොලිසියේ ක‍්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරන මුවාවෙන් පහර ගැසීමේ උපහාසාත්මක ආකාරයකින් මෙම ගීතය ප‍්‍රබන්ධවී තිබෙනවා.

මේ එහි පද වැලකි කොටසකි.
ලෝකේ හොඳම පොලිසිය ලංකාවේ පොලිසිය
ඉඳහිට ගැහුවත් අපි හදන්න ගහන්නෙ
කිසි දවසක නෑ පගාව ගහන්නෙ
මිහිරි වදන් විතරමයි මුවින් පිටවන්නේ......

ඉරාජ්ගේ ගීතය ප්‍රතික්ෂේප කල එෆ් එම් නාලිකා වලට හොදම ප්‍රහාරය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය විකාශනය කරන හිමිකම් කඩවීම් සහ ඒවාට විසදුම් වැඩසටහන සහ දිනමිණ පත්තරයේ අකුණ ලිපි පෙළයි. මේ මාද්යන් දෙකම රජයේ මාද්‍ය වේ. ඉහත සදහන් එෆ් එම් නාලිකා වල සිටින්නේ පොලිස් ගැත්තන්ය. නැතිනම් පුද්ගලිකව වාරණ පනවා ගත් සාම්ප්‍රදායික මඩගොහොරුවක සිටින මාද්‍යවෙදින්ය. අපිට සරලව කීමට ඇත්තේ එපමණයි.






Tell a Friend