ඉවැන්ජලික කල්ලියක් විසින් මෛත්‍රී බුදුන් පහල වූවා කියමින් බෞද්ධයන් නොමග යවති


අමිල ගුණරත්න

ඉවැන්ජලික කල්ලියක් විසින් මෛත්‍රී බුදුන් පහල වූවා කියමින් බෞද්ධයන් නොමග යැවීමටත් , බුද්ධ ධර්මයේ හරයන් විකෘති කරමින් ධර්මය ප්‍රචාරය කිරීමටත් පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාවෙන් පහල වූ මෛත්‍රිය බුද්ධ ලෙස තමාව හඳුන්වාගන්නා ගාල්ලේ සිරිවර්ධන කේ ලොකුගේ නමැති පුද්ගලයා face book පිටුව තුල තමාව හඳුන්වා දී ඇත්තේ මෙසේය. ( http://unclemaitreya.blogspot.com/2011/01/blog-post_02.html )

මෙම කල්ට් වියාපාරය මුලින්ම පටන් ගෙන ඇත්තේ නවසීලන්තයේ වෙසෙන (මුල් පදිංචිය මිගමුව උප්පතියෙන් කිතුනු ) තිස්ස සේනානායක සහ ඔහුගේ බිරිඳ වූ මහිමා සේනානායක විසිනි. ඔවුන් දෙදෙනාටම රසායන විද්‍යාවට ආචාර්ය උපාධි ඇති බව කියතත් එම උපාධි ප්‍රධානය කල විශ්ව විද්‍යාල ගැන සඳහන් නොවේ. තමා රහත් වී ඇති බව කියන තිස්ස සේනානායක විසින් තම ෆේස් බුක් පිටුවේ අන්ධ ශ්‍රාවකයෙකු විසින් අසන ලද පැනයකට බුදු දහම විකෘති කොට පිළිතුරු සපයා අවසනයේ "May The God Bless You" යනුවෙන් සටහනක් තබා ඇත. (බලන්නhttp://elankaweb.net/index.php?option=com_content&view=article&id=286:2011-03-06-12-11-42&catid=46:latest-news&Itemid=18 ) කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් "ගෝඩ් බ්ලෙස්" කියා අන් අයට සුභ පතන්නේ කෙසේද යන්න විමතියක් ගෙන දේ.

තමා මෛත්‍රිය බුද්ධ ලෙස හඳුන්වාගන්නා ගාල්ලේ සිරිවර්ධන කේ ලොකුගේ නමැති පුද්ගලයා පිළිබඳව මෑතකදී බුදුසරණ පුවත්පත එළිදරව් කරනු ලැබිය.

බුදුසරණ පුවත්පත මෙසේ ලියයි

“ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයෙක් තමා මෛත්‍රී බුදුන් බව ලොවට හඟවමින් ක්‍රියා කරන බවක් කිය යි. තමා මෛත්‍රී බුදුන් ලෙසින් හඳුනා දෙන මොහු මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන බව අසන්නට ලැබේ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද ඔහු ගේ දේශනා ප්‍රචාරය වූ බව ද සඳහන් ය. මෑතක සිට මොහු විසින් ක්‍රියාත්මක කරමින් යන අධර්මවාදී එම ක්‍රියාපටිපාටිය අන්තර්ජාලය තුළින් ද ලොවට හඳුන්වා දී ඇතැයි පැවැසේ. “ගාල්ල ප්‍රදේශයේ මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටින ඔහු විසින් පිරිසක් රහත් ඵලයට පමුණුවනු ලැබූ බව ද කියන්නට පටන්ගෙන ඇත. බෞද්ධ ජනතාව නො මඟ යවන කූට ව්‍යාපාරයක් මොවුන් විසින් දියත් කරන බව නම් මේවායින් මැනවින් පැහැදිලි වෙයි. 2012 දී එතැයි කියන ලෝක විනාශය සම්බන්ධයෙන් ඔහු සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරයි.” ගාල්ලේ ඊනියා මෛත්‍රී බුදුන් ගේ සැබෑ තත්ත්වය අප පාඨකයන්ට අවබෝධ විය යුතු ය.අපට ප්‍රශ්නය ඇත්තේ ඔහු පිළිබඳ ව නො වේ.ගාල්ලේ කේතුමති රාජධානියේ බුදු වූ මේ ඊනියා මෛත්‍රී බුදුන්ට වැඳුම් පිදුම් කරන පිරිස ගැන අපට ප්‍රශ්නයක් තිබේ.මෙ බඳු සිල්ලර බුදුවරුන්ට වැඳුම් පිදුම් කරන ඔවුන් කෙතරම් අන්ධ පිරිසක් ද?

මුදල් විසිකරමින් ශ්‍රාවකයන් මිලට ගන්නා මෙම ගාල්ලේ සිරිවර්ධන කේ ලොකුගේ නමැති පුද්ගලයා ගැන වරක් දොරමඩලාවට දුරකථන පණිවිඩයක් දෙමින් එක් කාන්තාවක් හසන්තට කරුණු කිවේ මෙසේය. (http://unclemaitreya.blogspot.com/2011/03/blog-post.html ) මෙම පුද්ගලයා විසින් දේශපාලකයන් සහ සමහරක් බෞද්ධ භික්ෂුන් ද මුදල් හරහා මිලදී ගෙන තමා ගැන ප්‍රචාරය කරගනියි. දැනට කාලයක් පුරා ඉවැන්ජලික කල්ලියක් විසින් මෛත්‍රී බුදුන් පහල වූවා කියමින් බෞද්ධයන් නොමග යවමින් සිදු කරන බෞද්ධ විරෝධී ක්‍රියාවන් ගැන බොහෝ නායක හිමිවරු මුනිවත රකිති. මෙපමණක් නොවේ පල්ලි ගිනිතියමින් බුදු සසුන බේරාගන්නට යන සහ දැනට හාල් වල අසනික් සොයන හෙළ උරුමයේ රතනලාද කුඩු මාර්වින්ලාට බෞද්ධ උපාධි දෙන පල්ලේගමලාද ගාල්ලේ සිරිවර්ධන කේ ලොකුගේ සම්බන්ධයෙන් කසාය බීපු ගොලුවාගේ භූමිකාව රකිති.

Tell a Friend


Tell a Friend