මෙන්න තවත් පොලිසියේ කුඩු හොරකමක්.

හර්ෂි සි. පෙරේරා
සරත් කුමාර නයිඩොෂ් පිළියන්දල පදිංචිකරුවෙකි. හෙතෙම විවාහක එක් දරු පියෙකි.

ඔහුව 2008.07.12 වන දින මොරටුව පොලිසිය අත්අඩංගුවට ගත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ලග තබා ගැනීමටය. ඔහුව ඉතා දරුණු ලෙස මොරටුව පොලිස් ස්ථානයේදී වදහින්සාවට ලක් කරන ලදී. එම වදහිංසා පැමිණවීමේදී ප්‍රමුක බුමිකාවක් කලේ පොලිස් පරීක්ෂක දමිත පෙරේරාය.

මොරටුව මහේස්ත්‍රාත් අදිකරණයේ ඔහුගේ නඩුවේ අංකය 90215 වේ. 2009.12.09 වන දින ඔහුට ඇප ලැබිණි. 2010.07.20 දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් යොමු අංක එන්/415/2010/සීඩී/2182/08 යටතේ වූ රස පරීක්ෂක වාර්තාව අදිකරණයට ලැබී ඇත.

රස පරීක්ෂක වාර්තාවට අනුව සැකකරු ලග තිබී ඇති හෙරොයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 94 කි. ඉතිරි හෙරොයින් මිලිග්‍රෑම් 2206 ට මොකද වුනේ?

Tell a Friend