බල්ලාගෙන් ඇරබි උඩුගම පොලිසියේ වදහිංසාව.

හර්ෂි සි. පෙරේරා
මෙය සිදුවුයේ 2011.06.16 දින රාත්‍රියේය. උඩුගම පොලිසියේ සිවිල් ඇදුමින් සැරසුණු ස්ථානදිපත්වරයද ඇතුළු නිලදාරීන් වදහිංසා කලේ තමන් වැනිම පොලිසියේ ඉහල නිලයක් දරන පොලිස් නිලදාරියෙකුගේ පවුලේ උදවියටයි.

මෙම නිවස අසල ආරවුලක් සම්බන්දයෙන් පොලිසිය එහි පැමිණෙන ලදී. ආරවුලට අදාල නිවැසියන්ගේ සම්බන්දයක් නැත. නමුත් එම නිවසට ඇතුළු වූ පොලිස් නිලදාරීන් සිය සුපුරුදු වදහින්සාවට අවතීර්ණ වුයේ නිවසේ සුරතලේට හදන බල්ලාට ඉතා අමානුෂික ලෙස පහර දීමෙනි. එය අවසන් වුයේ නිවසේ සිටි මවට, පුතාට , දුවට සහ බැනාටද පහර දීමෙනි.

" අපිට ඕනෙනම් තොපිට ගහන්නත් පුළුවන් මරන්නත් පුළුවන් "යනුවෙන් තර්ජනය කිරීම් මද්යේ උඩුගම පොලිසිය නීතියේ බරපතල අපරාදයක් ලෙස සලකන වදහිංසාව සිදු කරන ලදී.

මේ පිළිබද පැමිණිල්ලක් 2011.06.19 දින මාතර මානව හිමිකම් කොමිසන් සබාවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත කර ඇත.

මෙය පොලිසිය විසින් පොලිසියට වදහිංසා කිරීමකි.




Tell a Friend