අවුරුදු 06 ළමයාට වද දෙයි. ම්ලේච්චත්වය කරා යන ආශ්චර්ය.

හර්ෂි සි. පෙරේරා
විශාල කම්බි ඇණයකින් සය හැවිරිදි පාසල් දරුවෙකුගේ ශරීරයේ අට පොලක් පුච්චන ලද පුද්ගලයෙකු සම්බන්ධ පුවතක් රත්නපුර පොලිසියෙන් වාර්තා වේ. කෝ සත්ව හිංසාව ගැන කතා කරන පුජකයින් සහ පෘතග්ජනයින්?

දරුවා පාඩම් කිරීමට බෑ කියා කී බැවින් මෙම දඬුවමදී ඇති බවත්ල දරුවාට මෙම දඬුවම කර ඇත්තේ දරුවාගේ මාමා කෙනෙකු බවත් පැවසේ. දරුවාගේ පියා විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ සින්න තම්බි ප‍්‍රකාශ් නැමැති දරුවෙකි. දරුවා ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

2600 වැනි බුද්ද ජයන්තියට පිළිවෙලින් පෙළගැසුණු රාජපක්සලා මේ ම්ලේච්චත්වය ගැන මොකද කියන්නේ.

පොලිසියේ මාමලද නොදරුවන්ට වදහිංසා පමුණුවයි. එවන් පොලිස් අපරාදකරුවන්ට මෙවන් අපරාදයක් පිළිබද පරීක්ෂණ පැවැත්වීම කෙතරම් සදාචාරාත්මකද? අප ජිවත් වන්නේ දණ්ඩ මුක්තියෙන් පන්නරය ලැබූ අපරාදකරුවන් විසින් අපරාදකරුවන් අත්අඩංගුවට ගන්නා ඒ පිළිබද පරීක්ෂණ පවත්වන රටකය.

මේ ම්ලේච්චත්වය අපුරුය. එයට සදාචාරය, අපේකම යන වචන එක්වූ විට තවත් අලංකාරය.


Tell a Friend