සංගාට මොනවහරි කලොත් අපි බලාගන්නවා.

හර්ෂි සි. පෙරේරා

"හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සර් කව්ඞ්රි අනුස්මරණ දේශණය කරමින් දේශපාලනීකරණය වී ඇති ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනය දැඩි සේ විචේනය කිරීමට එරෙහිව රාජපක්‍ෂ රෙජීමය විසින් සංගක්කාර මහතාට එරෙහිව ක‍්‍රියා මාර්ග ගතහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග අත්සන් කර ඇති ගිවිසුම් වලින් ඉවත්වීමට ක‍්‍රීඩකයන් රැසක් සූදානමින් සිටි. "

සංගා සම්බන්දයෙන් රාජපක්ස රෙජීමය යම් අනතුරුදායක ක්‍රියාවක් කළහොත් ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් නොව මුළු රටම ඊට විරුද්ද විය යුතුය. සංගක්කාරගේ තොරතුරු හෙළි කිරීම වදයක් වුයේ මෙරට මහජන මුදල් ගසා කන්නන්ටය. මේ දුෂිත බව රටේ සියලුම ආයතන විශේෂයෙන් රාජ්‍ය ආයතන වලට පොදුය.

සංගක්කාරගේ දේශනය 1996 දී අර්ජුන රැගෙන ආ ලෝක කුසලානයටද වඩා වටී. නමුත් තම බලය දනය තර කර ගනිමින් සිටින රාජපක්ෂවරුන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට මෙය දරා ගත නොහැක. දරුස්මන් වාර්තාව තරමටම එය දරා ගැනීමට අමාරුය.

මේ අවස්ථාවේ සාමාන්‍ය ජනයා බුද්දිමත් වියයුතුය. ආණ්ඩුවේ හොරනාවන්ට පමණක් ඇහුන්කන් නොදී විචාරසිලි වියයුතුය. පෙනෙන දේ දකින්නටත්, ඇසෙන දේ ඇහුන්කන්දීමටත් පුරුදු විය යුතුය.



Tell a Friend