අපරැක්කේ පුඤ්ඤානන්ද

අමිල ගුණරත්න

ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද නමැති ශ්‍රමණ ප්‍රතිරුපකයා විසින් ඉතා බරපතල අන්දමට බාලවයස්කාර සාමණේර හිමිවරුන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කොට තිබේ. අනිවාර්යෙන්ම මිට පෙරද මෙම පාපතරයා බාලවයස්කාරයන් සිය ගණනක් ලිංගික අපයෝජනයට ලක් කොට ඇතුවාට සැක නැත. දෙමාපියන් අද කාලයේ කුඩා ළමුන් මහණ කරන්නේ දුගීකම සහ ළමුන්ට හරි හැටි කෑම බීම ලබා දීමට ඇති නොහැකියාව නිසාය. මහණවෙලා හෝ ළමයා කුස පුරවා ගත්ත දෙන් යන්න ඔවුන්ගේ අසරණ පැතුමයි. අපරැක්කේ පුඤ්ඤානන්ද විසින් ලිංගික දුෂණයට ලක්වූ බාලවයස්කාර සාමණේර හිමිවරුන් තිදෙනාට ආහාර ලබා දී ඇත්තේ තමන් ගේ විකෘති ආශාවන් ඉටු කලේ නම් පමණි. දානය ලිංගික ඇමක් ලෙස යොදා ගැනීමට හැකි වූ අපරැක්කේ පුඤ්ඤානන්ද සමාජයට පෙන්වුයේ සිල්වත් සමාජ සේවක , දැහැමි දේශපාලන වෙස් මුණය. හෙළ උරුමයේ කවුරු කවුරුත් මෙවන් වෙස් මුණු දමා සිටින බව දන්නෝ දනිති. නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙතැනයි. වැඩිහිටි භික්ෂූන් අතින් ලිංගික අපයෝජනයට ලක් වන බාලවයස්කාර සාමණේර හිමිවරුන් පසුකාලීනව සමාජයට වෛර කරති. ඔවුන් වැඩිහිටි භික්ෂුන් වූ පසු අන්තරයට හෝ වෙන ඕනෑම අන්තවාදී ව්‍යාපාරයකට ඔවුන්ව ඉතා පහසුවෙන් නාස් ලනු දමා සමාජ ප්‍රචණ්ඩත්වයට යොමු කල හැකිය. වෛරය මුල් කරගෙන මැරෙනතුරු උපවාස කිරීමට , ගිනි තබාගෙන අපවත් වීමට , දෙමලාගේ ලේ වල රහ බැලීමට , සීනිගම හෝ වෙන යම් දේවාල වල ද්වේශ මුල සිතින් පළි ගැසීමට ,ආර්ය ගතිගුණ අත හැර මහ පාරේ කරා පාට් දැමීමට මොවුන් ලේසියෙන්ම යොමු වෙති. සිංහල බෞද්ධයා , සාසනය , බුදු දහම රැක ගැනීමට කියා පාර්ලිමේන්තු ගිය ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද නමැති ශ්‍රමණ ප්‍රතිරුපකයන් සිටින තුරා බුදු දහම විනාස කිරීමට බටහිර කුමන්ත්‍රණ අවශ්‍ය නැත.

Tell a Friend