උතුරේ දෙමල ජාතික සන්දානය ජයකෙහෙලි නංවයි.

හර්ෂි සි. පෙරේරා
මේ බලයේ සිටින ආණ්ඩුවට වැදුණු මරු පහරකි. උතුරේ පළාත් පාලන මැතිවරණයේ ජය දෙමල ජාතික සන්දානයට හිමිවිය.

දෙමල ජාතික සන්දානයට නැගෙනහිර පළාත් පාලන ආයතන බාගයකම ජය හිමිවීම තවත් සුවිශේශිත්වයකි.

උතුර ජයගැනීමට ආණ්ඩුවේ සියලු ප්‍රයත්න එනම් මුදල් ඇමතිවරු සහ මහා පරිමාණ පෝස්ටර් ප්‍රචාරණය ගගට කැපු ඉනි මෙනි.

එකක් පැහැදිලිය උතුරේ සහ නැගෙනහිර ජනයා තම එකම නියෝජිතයා බවට දෙමල ජාතික සන්දානය පත් කරගෙන ඇති අපුරත්වයයි. නමුත් දකුණේ ජනයාට පටු ජාතිවාදයෙන් සමු ගැනීමට තවමත් නොහැකි වී ඇත.

දෙමල ජනයාට වහාම බලතල බෙදීමක් ලබා දිය යුතුව ඇත. එය රාජපක්ස කියන 13 වන සංශෝදනයෙන් ඔබ්බට ගිය දෙයක් නොව පුර්ණ බලතල බෙදීමක් විය යුතුය. මානව හිමිකම් කඩවීම් පිළිබද ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑමට සාර්ථකව මුහුණ දිය හැක්කේ එවැන්නකට පමණි.

නැවතත් කොන්ද කෙලින් තබාගෙන රාජ්ජය මර්දනයට නොබියව මුහුණ දෙමින් ලැබූ ජයග්‍රහණයට අපි දෙමල ජනයාට සහ දෙමල ජාතික සන්දානයට සුබ පතමු.


Tell a Friend