ටිකිරි බණ්ඩාර දරුවන්ට සිදු කල අපරාදයේ ප්‍රදාන සාක්ෂිකරුට මරණ තර්ජන.


01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108” බාන්ස් පෙදෙස,”
කොළඹ 07.

02. සභාපති
ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.

03. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.

04. නියෝජ්‍ය පොලිස්පති
කළුතර දිසා භාර
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
කළුතර.

05. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව
අංක 82” සම්පත්පාය”
රජමල්වත්ත මාවත”
බත්තරමුල්ල.

06. ලේකම්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
නිදහස් චතුරස‍්‍රය
කොළඹ 07.

ලිඛිත පැමිණිල්ල

ගමඇතිගේ දොන් අනුර සරත්චන්ද්‍ර වයස අවු: 37 යි” විවාහක” දරුවන් 04 යි” රැකියාව : ව්‍යාපාරික ලිපිනය : කෙලින්කන්ද ජනපදය” අගලවත්ත’ 2011.07.08 වන දින දීය.

2011.06.18 වන දින ඇල්ල පොලිස් මුරපොළ මගින් අප ප‍්‍රදේශයේ පදිංචි ටිකිරි බණ්ඩාර නමැති අයගේ දරුවන් තිදෙනාට පහරදී අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පවරන ලදි’ මෙම දරුවන්ට පහරදීම සම්බන්ධව මා දුටු බවත් ඒ සම්බන්ධයෙන් මා ප‍්‍රකාශ ලබාදුන් බවත්” ඉන්පසු මා හට නොයෙකුත් බලපෑම් ඇති විය.

කරුණු එසේ තිබියදී” 2011.06.29 වන දින රාත‍්‍රියේ මා ව්‍යාපාර කටයුත්තකට මාගේ අංක ඨණඋඡු 8363 දරන ටිපර් රථයෙන් සිමෙන්ති ගඩොල් ප‍්‍රවාහනය කර ආපසු එමින් සිටියදී රාත‍්‍රි 8.45 ට පමණ අප ප‍්‍රදේශයේ කනත්ත තුන්මං හංදියේදී පුද්ගලයන් තිදෙනෙකු යතුරුපැදි හරස්කර මගේ වාහනය නැවැත්තුවා.

ඒ අවස්ථාවේදී මගේ වාහනය ඇතුළේ සංකර් නමැති අයත් ගාමීණී බාස්සුනැහැත් සිටියා’ වාහනය නැවැත්වූ තිදෙනාගෙන් දෙදෙනෙකු මා හඳුනාගත් බවත්” එක් අයෙක් යාල මැඩිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හා අනෙක් අය අප ප‍්‍රදේශය භාර වනජීවී නිලධාරි කපිල යන අයත්ය’ අනෙක් පුද්ගලයා මා නමින් හඳුනන්නේ නැතිමුත් දුටුවහොත් හඳුනාගත හැකිය.

වන අඩවි නිලධාරි වන කපිල යන අය මාගේ වාහනය ඇතුළට අත දමා මගේ කමිසයේ කොළරයෙන් අල්ලා උඹ ටිකිරි බණ්ඩාරගේ කේස් එකට සාක්කි දෙන්න යන්න එපා” එහෙම දුන්නොත් උඹ වැලි” ලී අදිනවානේ” මම උඹව යවනවා යනුවෙන් මට තර්ජනය කළා.

යාල මැඩිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා මගේ බෙල්ලට පිහියක් තියලා උඹ දෙන්නෙක්ව ගෙදර ඇරියානේ ඒ වගේ පුළුවන් නම් අපිවත් යවපන්” උඹ සාක්කි දුන්නොත් උඹව මරනවා කියා තර්ජනය කර ඒ අය යතුරුපැදි වල නැගී යාල මැඩිය පැත්තට ගියා.

ඉන්පසු අප ගෙදර පැමිණි බවත්” මා බදුරලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතාකොට මේ බව පැමිණිලි කර සිටියා’ ඒ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මට ඇල්ල පොලිස් මුරපොලට ගොස් පැමිණිල්ලක් දමන ලෙස උපදෙස් දුන්නා.

ඒ අවස්ථාවේදීම මා පොලිස් විශේෂ ඇමතුම් ඒකකයට පැමිණිලි කර සිටියා’ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් ඒකකයට කතා කොට” ටිකිරි බණ්ඩාරගේ ළමයි වෙනුවෙන් සාක්කිදුන් නිසා මට තර්ජන ඇතිවී ඇති බවට පැමිණිලි කළා’ පසුව මා ඒ අවස්ථාවේදීම ඇල්ල පොලිස් මුරපොලට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර සිටියා.

පසුදින උදේ මා ඇල්ල පොලිස් මුරපොලට ගොස් මේ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර විමසා සිටියා’ ඒ අවස්ථාවේදී ඇල්ල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ ස්ථාන පරික්ෂණයක් කොට ගියා’ 2011’ 06’ 30 වන දින බදුරලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවන ලෙසද දැනුම් දුන්නා’ ඒ අනුව මා 30 වන දින බදුරලිය පොලිසියට ගොස් දහවල් 12’00 පමණ වන තුරු බලා සිටියද අදාළ වගඋත්තරකරුවන් පැමිණ සිටියේ නැත.

පසුව ස්ථානාධිපතිවරයා වෙනත් දිනයක කැඳවන බවට දන්වා සිටියා’ නමුත් ඒ සම්බන්ධව මේ වන තෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත’ අදාළ අපරාධකරුවන් නිදැල්ලේ සිටී.

එසේ තිබියදී 2011’ 07’ 07 වන දින මා අප ප‍්‍රදේශයේ පදිංචි සුගතපාල යන අයගෙන් ඔහුගේ ඉඩමේ තිබෙන ඇල්බීසියා ගස් දෙකක් හා රබර් ගස් දෙකක් මිළදී ගෙන කැපුවා’ මා එය අවසන්කර දහවල් 12’30 පමණ ගෙදර පැමිණි පසු ඇල්ල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු පැමිණ සිරිපාල යන අයගේ ගෙදර පෙන්වන ලෙස මට කිව්වා.

ඒ අනුව මා සිරිපාලගේ ගෙදර යාමට සූදානම් වන විට කපිල නමැති වනඅඩවි නිලධාරි පැමිණ අනුර ගස් කපලා තියෙනවා” මට ප‍්‍රකාශයක් ගන්න අවශය බව කියා මාගේ හැඳුනුම්පත ඉල්ලා සිටියා’ මම එය දුන්නා’ මා ඔහුට නීති විරෝධි ලෙස මා කටයුතු කර නොමැති බවත් මම සුගතපාලගේ ඉඩමෙන් ගස් 4 ක් මිලදී ගත් බවත්” එයින් ගස් දෙකක් රබර් ගස් බවත් අනෙක් දෙක ඇල්බීසියා බවත් කියා සිටියා’ එවිට ඔහු රබර් ගස් දෙක ගැන නොලියා අනෙකුත් විස්තර ලියා මගෙන් අත්සනක් ලබා ගත්තා.

එවිට ඔහු පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඉස්සරදී අනුර මම තමුසෙගේ කොහෙන්ද ඇල්ලූවේ කියා මගෙන් ඇහුවා’ මම ඔහුට කිව්වා අල්ලපු තැන ගැන මම පොලිසියේ පොතේ ලියලා තියෙනවානේ කියා’ එවිට ඔහු පොලිස් නිලධාරින්ට කිව්වා” මූ බොරු පැමිණිලි දාලා තියෙන්නේ කියලා’ නමුත් පොලිස් නිලධාරින් ඒ අවස්ථාවේදීද කපිල නමැති අය සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගත්තේ නැත.

පසුව මා පොලිස් නිලධාරින් සමග සරිපාලගේ ගෙදර පෙන්වීමට ගිය බවත්” එසේ පැමිණ මා ගස් මිලදී ගත් සුගතපාලගේ ගෙදරට ගිය බවත්” එසේ යන විට මට ඇහුණා කපිල නමැති වන අඩවි නිලධාරියා සුගතපාලට කියනවා” තමුසේ සාක්ෂියක් දෙනවා” මට අනුරව කොටුකර ගන්න ඕනා කියලා.

එවිට සුගතපාලත් ඔහුගේ බිරිඳත් එයට විරුද්ධවී අපිට බොරු සාක්ෂි දෙන්න බෑ කියා කිව්වා’ එවිට වනඅඩවි නිලධාරි කිව්වා මට කොහොමහරි අනුරව කොටු කරගන්න ඕනා කියා.

ඒ අවස්ථාවේ මා එනවා කපිල යන අය දැක්කා’ මා ඔහුට කිව්වා බොරු සාක්ෂි ගන්න එපා කියලා’ එවිට ඔහු මම රාජකාරියට බාධා කළා කියා පොලිසියත් අරගෙන එනවා කියලා තර්ජනය කර යන්න ගියා.

මා ඉල්ලා සිටින්නේ,

1. මා අප ප‍්‍රදේශයේ ටිකිරි බණ්ඩාර නමැති අයගේ දරුවන් වෙනුවෙන් සාක්ෂි ලබාදීම හේතුවෙන් යාල මැඩිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හා අප ප‍්‍රදේශය භාර වනඅඩවි නිලධාරි කපිල යන අය විසින් මා හට නැවත සාක්ෂි නොදෙන ලෙසට කරනු ලබන බලපෑම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්,

2. බදුරලිය පොලිසිය හා ඇල්ල පොලිස් මුරපොල මගින් මෙම ග‍්‍රාමනිලධාරි හා වනඅඩවි නිලධාරිට විරුද්ධව පියවර නොගැනීම සම්බන්ධයෙන් එම පොලිසිවල අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්,

3. වන අඩවි නිලධාරි කපිල යන අය විසින් මා හට විරුද්ධව ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට ගන්නා උත්සාහය නවතාලන ලෙසත්,

4. මා හට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය.

ජී. ඞී. අනුර සරත්චන්ද්‍ර

http://youtu.be/T6q4ybSNy-M