පුරවැසියෙක් ඔබ අමතයි...!!

ක්‍රිශාන් රාජපක‍ෂ

පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක් මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි බැවිනි.

අප ගතකරමින් සිටින මේ මොහොත ලාංකීය ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයන්ගෙන් එකකි. හේතුව රටේ ආර්ථීක සාමාජීය සහ දේශපාලනික පද්ධතීන් සියල්ල මේ නිශ්චිත මොහොතේදී ක්‍රියාත්මක විය යුතු සැකැස්මෙන් එපිට ක්‍රියාත්මක වන බැවිනි. ක්‍රියාත්මක විය යුතු සැකැස්මෙන් නැතිනම් නිෂ්චිත සීමාවෙන් එපිට ක්‍රියාත්මක වනවායැයි අදහස් කලේ රටේ පාලකයන් ගන්නා තීන්දු තීරණ සාමාජීයව බහුතර ජනතාවගේ ජීවත තත්ත්වයන් ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු නමුත් මේ මොහොතේ ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ එක් පුද්ගලයකුගේ සහ නිෂ්චිත පුද්ගල කණ්ඩායමක් නඩත්තු කිරීමට ඔවුන්ගේ දෘෂ්ඨිවාදය වෙනුවෙන් වැඩකිරීම සඳහා වේ. ඒ නිසාම ලංකාව තුළ හිමිවිය යුතු පුරවැසි අයිතිවාසිකම් සීග්‍රලෙසින් දියාරු වෙමින් ක‍ෂය වෙමින් යන කාලපරිච්ඡේදයකි මෙය. පුරවැසි අයිති වාසිකම් අහිමි වීමේ ෙඛදවාඡකයට ලාංකීය සමාජය ඇද වැටීමමේ වගකීමෙන් ලාංකීය පුරවැසියාට පාලකයන් මත වරද පටලා ඉන් අත සෝදා ගත නොහැකිය. මන්ද පුරවැසි සමාජය දියුණු නොවූ සෑම රටකම පාලකයක් ක්‍රියාත්මක වන්නේම තමන්ගේ පුද්ගලික අභිප්‍රායන් ශාක්ෂාත් කරගැනීමට සඳහාම වේ. ඒ නිසාම රටට පැවැත්මේ තීරණාත්මක සාධකය වන්නේ අවදියෙන් සිටිනා පුරවැසි සමාජයකි.

අවදියෙන් සිටීම සමාජයෙන් බැහැර වන්නේම සමස්ථ ස්ව්‍යං මොහොනයක එල්ඹ ඇති මොහොතකදීය. උදාහරණයක් ලෙස ජාතික ගැටලූවට සාධාරණ දේශපාලනික විසඳුම් පසෙකලා යුද්ධයෙන් දමිළ ව්‍යාපාරය විනාශ කරන්නට පාලකයන් හට දෘෂ්ඨීමය විභවය සපයන්නේ දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසිනි. ඒ නිසාම මේ මොහොතේ දකුණේ සමස්ථය සිතන්නේ දමිළ විමුක්ති ව්‍යාපාර්ය විනාශ කිරීම හාරහා පාලකයන් මෙරට සුඛිත මුදිත දේශයක් කරනු ඇති කියා වේ. අන්න එය මේ මොහොතේ පත්ව ඇති ස්ව්‍යං මෝහනයයි. නැතිනම් දකුණ ලබනා ස්ව්‍යං වින්දනයයි. නමුත් ගැටුලූව මතුවන්නේ මේ මෝහනය හෝ ඒ වින්ඳනය යථාර්ථයට එපිටින් පවතින්නක් වීමයි. එය දකුණ විසින් නිර්මාණය කරගත් ෆැන්ටසිමය තත්වයක් මිස යථාර්ථය පේන තෙක් මානයේවත් නොමැතිය.

මේ ෆැන්ටසිම තත්ත්වය නිසා ලාංකීය පුරවැසිය තමන්ගේ මේ මොහොතේ කාර්යභාරය අමතක කර ඇත. එම අමතක වීම හරහා කල්ලමරේ වන්නේ ඊනියා ජනතාවාදී යැයි කියාගන්නා පාලකයන්ටය.

පාලකයන්ගේ කල්ලමරේ හෙවත් නිදිවැදි පුරවැසියා

සමස්ථයේ තත්ත්වය මෙලෙස විග්‍රහ වූවද අවදියෙන් සිටින කිසිවෙකු හෝ මේ සම්බන්ධයෙන් තමන්ගේ අවම මැදිහත් වීම හෝ කළයුතු මොහොතකි. (අවධාරණය පුරවැසියෙකුගෙන්) මේ මොහොත් විග්‍රකරගැනීමට වෙනත් දාර්ශණික හෝ මනෝවිද්‍යාත්ම ප්‍රවේශයන් වැනි ගැඹුරු ප්‍රවේශන් වෙත නොගොස් ඉතා සරල උදාහරණ කීපයක් ගමි.

ලංකාවේ ආර්ථීකයට වැඩිම හානියක් සිදුකරමින් වටිනා මිනිස් පැය දහස් ගණනක් අපතේ යවන ප්‍රවාහන සේවයක් පවතී. එම ප්‍රවාහන ෙක‍ෂ්ත්‍රය සඳහා සිටින ඇමතිවරුන් ගණන 2 කි. ඒ රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශය සඳහා වේ. එයට අදාළව අමාත්‍යංශ ද්ත්වයක් පිහිටුවා ඒවාට යාන වාහන කාර්යාල ඇතුළු දැවැන්ත පිරිවැයක් එහි නඩත්තුව සඳහා ජනතාව විසින් දරයි. නමුත් රටේ වැඩිම නාස්තියක් සිදුකරන අංශය නම් ප්‍රවාහන අංශයයි. දැන් පසුගිය දිනකදී බස්ගාස්තු සංශෝධනයක් වූ අතර රජය සහ බස්හිමින්ගේ කේවල් කිරීම මැද කුමන හෝ ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩිවිය. ඒ නිසා දැන් මගීන් එම මුදල කැමැත්තෙන් හෝ අකමැත්නෙන් ගෙවා ඒවායේ ගමන් කලයුතුවේ. අවදියෙන් සිටින පුරවැසියා ක්‍රියාත්මක විය යුත්තේ මෙවැනි අවස්ථාවලදීය. එනම් හරි බස්ගාස්තු වැඩි වී ඇත. එසේනම් ප්‍රවාහන ෙක‍ෂ්ත්‍රයේ පහසුකම්ද එයට සමාන්තර ලෙස මගියාට ලැබිය යුතුය. එසේනම් නියමිත වේලාවට ගමනාන්තයන් බලා යාම. බස්රථ ඇතුළත පිරිසුඳුකම සහ පහසුකම්. හරිනම් අවදියෙන් සිටින සමාජයක් සෑම බස්ගාස්තු වැඩි වීමකදීම මගියාගෙන් පැත්තෙන් තමන්ගේ පරිභෝජන බලය භාවිත යුතුය. නමුත් ලංකාවේ සිදුවන්නේ බස් ගාස්තු වැඩිවෙයි. බස් එකතැන පැලවෙයි. එවැනි වර්ගයේ න්‍යායකි.

දැන් තව උදාහරණයක් පසුගිය දිනවලදී බාල වර්ගයේ ඉන්ධන මෙඑරටට ගෙන්වා ලංකාව පුරාම ඛෙදාහැරීමෙන් දැවැන්ත කලබගෑනියක් සිදුවිය. වාහන දැවැන්ත ප්‍රමාණයක් මෙයින් හානියනට පත්විය. ඊට අමතර එම ඉන්ධන මිලට ගැනීමට ජනතාවගේ බදු වලින් ගෙවූ කොටි ගණක් වන මුදල්. ඒවා ඛෙදාහැරීමට ගිය මුදල්. නැවත එක්කාසු කිරීමට ගිය මුදල්. ඇත්තෙන්ම මෙය පැහැදිලි ලෙසම ජනතා මුදල් ගසාකෑමකි. නමුත් එක්තරා සති අන්ත දේශපාලන කොළමක සදහන් වූ අයුරින් මේ දැවැන්ත ජනතා මුදල් නාස්තිය ඇමතිවරුන්ට හිනාවෙන්ට ජෝක එකකි. එක් ඇමති වෙරයෙක් ඉන්ධන සමිබන්ධ විහිළුවක් කරයි. ඉන්ධන ජයන්ත එවිට දත් විරිත්තා සිනාසෙයි. විශ්‍රාම යන්න ඔන්න මෙන්න සිටිනා ලේකම්වරයෙක් ඉල්ලා අස්වීට ලිපි බාරදීමෙන් පසු ඇමති මෙන්ම ජනතාවද සිතන්නේ දැන් වැඩේ හරි කියාය. නමුත් විනාශ වූ කෝටි ගණනක් වූ මුදල් වෙනුවෙන් වගකීම ගන්නේ කවුද? මේවා වෙනුවෙන් ජනතාව විසින් පාලකයන් වෙත දිගින් දිගටම පීඩනය යොමුකළ යුතු වීම අවශ්‍යතාවය නමුත් සිදුවන්නේ එහි විරුද්ධ ක්‍රියාවලියයි.

තවත් එකක් හෙජින් ගණුදෙනුව සම්බන්ධයෙන් ලන්ඩන් වානිජ අධිකරණය ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව ලංකා රජය විසින් කෝටි 200 අදාළ බැංකුව වෙත ගෙවීමට සිදුව ඇත. තවත් පාර්ශව කීපයකට දඩ මුදල් ගෙවීමේ අවදානමක් ඇත. දැන් රජය මෙම ගෙවීම් සිදුකිරීමට යන්නේ කාගේ මුදලින්ද? ජනතාවගේ ප්ලේන්ටිත් බී ගෙවන බදුමුදලින්ද? මෙහි වැරදි ආදාළ පාර්ශවයන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? කෝටි ගණනක් රටට අහිමි කළ පුද්ගලයෙක් රාජ්‍ය මුදල් අපයෝජනය කිරීමේ වරදට හසුනොවී ඇමති තනතුරක් දැරීමට ඇති සදාචාරත්මක සහ නීතිමය අයිතිය කුමක්ද? මෑත දිනකදී මුදල් අමාත්‍යංශ ලේඛම් පීබී ජයසුන්දර ප්‍රකාශකර සිටියේ හේජින් වන්දි ගෙවීමට රටේ අර්ථීකයට අපහසුවක් නොමැති බවයි. එක් පුද්ගලයකුගේ ඔලමොට්ටල තීරණයන් වෙනුවෙන් රටට ජනතාවකගේ බදුමුදල් ගෙවිය යුතුද ? සමහර විට හොරුන්ට හොරු නොපෙනෙන නිසා පීබී ට එය ගාණක් නොවන්න පුළුවන. නමුත් මෙවාද ජනතාධිකරණයේ දී වඩාත් ගැඹුරුව ප්‍රශ්ණ කල යුතුමය. පාලකයන් හට තමන්ගේ අප්‍රසාදය පලකළ යුතුවේ. නමුත් ????

මේ මොහොත වන විට ලංකාවේ රජයේ රෝහල් වල පවතින පයිපාස් සැත්කම් සිදුකර ශල්‍යාගාර පහෙන් කි්‍රයාත්මක වන්නේ එකක් පමනි. ඒ කරාපිටිය ඒකකය පමනි. මේ තත්ත්වය නිසා මියයන අසාධ්‍ය රෝගීන් පිරිස. ඔවුන්ගේ ජීවිත. මේවාගේ වගකීම???

මෙවැනි අකටයුතු කම් වලට අමතරව නිශාන්ත මුතහෙටිටිගම වැනි මානසික රෝගීන්. මර්වින් සිල්වා වැනි මැරයින් දුමින්ද සිල්වා වැනි මත්වෙළෙන්දන් සම්බන්ධයෙන් නීතිය නිසි අයුරින් කි්‍රියාත්මක කිරවීමට අවශ්‍ය මෙරට පුරවැසි මැදිහත් වීම අතිශය ප්‍රශ්ණකාරීය.

මේ මොහොත් ලංකා සමාජය විග්‍රහ කිරීමට දිය හැකි සරල පිළිතුරනම්, ලංකා සමාජ පවතින්නේ නරුම තත්ත්වයක් මතය. එය තවත් සරලව විග්‍රහ කරන්නේනම මහින්ද රාජපක‍ෂ සහ සියලූ අයගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව මෙරට පුරවැසියා හොදින් දනී. සිදුවන වංචා දූෂණ සියල්ල ඔහු මනා කොට දකී. සියල්ල දැක —... ඔව් මහින්ද වැරදියි තමයි... ඒත් ඉතිං... ˜කියා නුදුටු සේ හිඳී. මෙය නම් අන් කිසිවක් නොව නරුමවාදය.

එපමණකින් නැවතී නොසිටී. කවරෙක් හෝ එයට එරෙහිව හ`ඩක් ගන්නේනම්, එය යටපත් කිරීමේ පාලකයාගේ ව්‍යාපෘතීන් කි්‍රයාවට නැගුනේ ඊනියා පුරවැසියන්ගේස දායකත්වයෙනි. මේ නිසා ලංකා සමාජය ඇත්තෙන්ම නරුමවාදයේ ගැඹුරමැ තලයක පිහිට සමාජයකි.

දේශප්‍රේමය දේශනා කිරීමේ ප්‍රධාන අරමුණ ඊනියා පුරවැසියාට දේශප්‍රේමය නැමති මඩගොහොරුවේ ඔලූව ගසාගෙන ඉන්නට සෑදූ මතවාදයකි. දැන් මෙහි ක්‍රියාත්මක සියලූ රාජ්‍ය මර්ධනයන් ක්‍රියාත්මක වූයේ එහි මූල බීජයන් ඔස්සේය. මුලින් උතුරේද ඉන්පසු දකුණේද තමන්ගේ නොවන මතවාදයට තුවක්කුව මානන රජයක් බිහිවීමේ වගකීමේ මෙරටට පුරවැසියා කිසිදා මිදිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සටන් පාඨයක් පමණක් නොව එය අපගේ ජීවත් වීම සඳහා වන අරගලය බවට පත්වූ යුගයක සමාජය වෙනුවෙන් තමන්ගෙන් වියයුතු අවම මැදිහත් වීමවත් නොකරන යුගයක් තුළ මෙවැනි ඊනියා ජනතාවාදී යැයි කටවුට් ගසනා ආණ්ඩු බිහිවීම අරමුණක් නොවේ.

ඒ නිසාම මේ පවතින තත්ත්නයේ ශී්‍ර ලංකාවට එගොඩ වීමට අවශ්‍යයනම් ඒ සඳහා පුරවැසියා ඒකරාශී වීම, ඒකාත්මික වීම යන ඒ බන්ධනය ඉතාම වැදගත්ය. ලිපියේ අවසානය ජයතිලක බණ්ඩාරයන්ගේ ගී යකින් උපුටාගනිමි.

—දුෂ්ඨ පාලකයින් පාලවා දමන්නට. පලවා හරින්නට ශ්‍රද්ධ වූ අයිතියක් අපට තියෙනවා˜

ඊට ප්‍රථමයෙන් මෙරට පුරවැසියා ස්ව්‍යං මෝහනයෙන් අත්මිදී අමන නිද්‍රාවෙන් අවදි විය යුතුමයි.

Tell a Friend