උතුරු වසන්තය ! චන්ද මගඩිය.

හර්ෂි සි. පෙරේරා
හෙට වසර ගණනාවකට පසු උතුරේ නගර ගණනාවක පළාත් පාලන චන්දය ආරම්බ වෙයි. මුලතිවු සහ එල් ටි ටි ඉ අගනුවර ලෙස පවත්වාගෙන ගිය කිලිනොච්චියේ චන්දයක් පැවැත්වෙන්නේ වසර 29 කට පසුය.

ජනාදිපති රාජපක්ස උතුරේ සංචාරයක නිරතවූ අතර ඔහු ජනයාට උතුරු වසන්තය පිළිබද බලාපොරොත්තු වැඩි කළේය.

 නමුත් මේ චන්දය මගඩියක් වෙයිද? ඒ හෙට ඇරබෙන උතුරේ චන්දය ගැන විපක්ෂ දේශපාලනඥයින්ගේ සහ මැතිවරණ නිරීක්ෂකයින් නැවත නැවතත් නගන ප්‍රශ්නයයි.

මේ මගඩිය කිරීමට සැරසෙන්නේ දෙමල ජනයාට චන්ද පොළ වෙත යාමට ප්‍රවාහන පහසුකම් නොදීම මගිනි. තවද මියගිය අයගේ චන්ද දැමීමේ වැයමක් ඇත. මේ සදහා හමුදා නිලදාරීන් යොදා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවන බව අද විද්‍යුත් මාද්‍ය අනාවරණය කරන ලදී.

චන්ද මගඩිය වාර්ගික දේශපාලනයට නැවත ආරාදනය කිරීමකි. මෙනිසා උතුරු වසන්තයට හිමි ස්ථානය නැවත වියසනයකට ලක්වීම නොවැලැක්විය හැක.



Tell a Friend