අප්පරක්කේ හිමිගේ සිසු අපයෝජනය

හර්ෂි සි. පෙරේරා
මේ තත්වය බොහෝ පන්සල් වලට පමණක් නොව අන්‍ය ආගමික පුජ්‍ය ස්ථාන වලටද පොදුවුවකි. මෙය නතර කලහැක්කේ අපචාර සිද්දි හෙළිදරවු කිරීම මගින්, සමාජ කතිකාවකින් සහ අපරාදකරුවන්ට දැඩි දඩුවම් පැමිනවිමෙනි.

‘දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න...’ යයි පවසමින් වයස 8-10ත් අතර ශිෂ්‍ය සාමනේර භික්ෂුන් අපයෝජනයට ලක්කළේ යයි චෝදනා ලැබූ ජාතික හෙළ උරුමයේ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණා.

එි හිමියන්ගෙන් බරපතල ලෙස අපයෝජනයට ලක්වූ බව කියැවෙන බාලවයස්කාර සාමනේරවරුන් තිදෙනෙකු ජාතික ළමාආරක්ෂණ අධිකාරිය විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළා. එම තිදෙනා පරිවාස නිලධාරීන් හමුවට වහා ඉදිරිපත් කර පරිවාස වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියට නියම කළා.

දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර අපරැුක්කේ පුඤ්ඤානන්ද හිමියන්ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බවත් වාර්තා වුනා.

සාමනේර හිමිවරුන්ගේ අකමැත්ත මත කලක් තිස්සේ මෙම අපයෝජනයන් සිදු කර තිබුණ අතර දානෙ ගන්න ඕන නම් මාගාවට එන්න... යයි කියමින් ආහාර දීම ඇමක් කරගෙන මෙම සාමනේර හිමිවරුන් තම කුටියට කැඳවා අපයෝජනයට ලක් කර ඇති බව පොලිසිය සොයා ගෙන තිබෙනවා.

මින් ඉහත නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය නියෝග කර තිබුනේ අපරැුක්කේ හිමියන් ඇප මත මුදා හැරියත් ශිෂ්‍ය භික්ෂූන්ගෙන් ඈත්කර තබන ලෙසයි.
නැවත 29 වනදා නඩුව කැඳවනු ඇත.




Tell a Friend