අදිකරණය ඉදිරියට ආ සොල්දාදුවා

හර්ෂි සි. පෙරේරා
"ගරු කටයුතු සුවමිනි මට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. හැමවිටම තීරණ ගැනීමට මට අවස්ථාව ලැබී නැහැ. මා පුරුදු පුහුණු කරනු ලැබුවේ කාගේ හෝ තීරණයකට යටහත් පහත ලෙස ගරු කරනු ලැබීමටයි. එය මගේ හෝඩි පොතේ සිට මේ දක්වා මා කියවනු ලැබූ සියලුම දේ විසින් මට උගන්වා තිබෙනවා. මා ඉගෙන ගනු ලැබුවේ අනුන් වෙනුවෙන්. අවසානයේ එයින් මා වෙනුවෙන් ඉතිරි වූ යමක් නැහැ. තීරණ ගන්නා අය කෙරෙහි මගේ පුර්ණ විශ්වාසය ගොඩ නගා ගැනීමට මගේ ශක්තිය මා යොදවනු ලැබුවා. එම විශ්වාසය ගොඩ නැගෙන කල වගේ ශක්තිය මට අහිමිව තිබුනා.

ඔබතුමා තව දුරටත් කියා සිටින පරිදි නිදහස් ලෙස යන්න මට අපැහැදිලියි සුවමිනි. ඒ ගැන හැගීමක් මා තුල කිසිදා තිබී නැහැ. සත්තකින්ම මා දැන සිටියේ කාලයට අවශ්‍ය පරිදි මා පාසල් ගිය බව පාසලෙන් සමුගත් බව රැකියාවක් සෙවූ බව හා මගේ තාරුණ්‍ය මට හමුවූ එකම රැකියාව වෙත පිදු බවයි. "

ඉහත උපුටා ගැනීම කලේ තිලිනා වීරසිංහ සහෝදරියගේ පිටුවහල් කල තරුණිය නමැති කුඩා පොත් පිංචේ එන ඇයම සදහන් කරන අත්දැකීම් හතක් සමග විකල්පයක් සොයා යන ගමනක් හි එක් අත්දැකීමක් වන අදිකරණය ඉදිරියට ආ සොල්දාදුවා වෙතිනි.

මට දැනෙන හැටියට හැගෙන හැට්යට මේ කතා කරන්නේ සොදාදුවකු පමණක් නොවේ. මේ සොල්දාදු උන්නැහේ සෑම වුර්තියකම සෑම වැඩබිමකම සිටියි. මේ අදිකරනයේද සිටියි. ඉතින් විකල්පයන් සදහා අප සැවම හඩ නගමු. එවිට ඒ විකල්පය අපටම සොයා ගත හැක.

ස්තුතියි තිලිනා ......




Tell a Friend