මාර්ග යුද්දය.

ගාල්ල -කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බණ්ඩාරමුල්ල ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

එකිනෙකට විරුද්ධ දිසාවන්ට ධාවනය කළ පුද්ලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි..

තුවාල ලැබූ පුද්ගලයින් අතර පිරිමි අය විසි තුන් දෙනෙකු සහ කාන්තාවන් පහළොස් දෙනෙකු සිටින බවත්,මෙම තුවාලකරුවන් මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ.

වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

- හර්ෂි -
Tell a Friend