දරුස්මාන් හොද ප්‍රවේශයකි.

හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අන්ස දකුණේ සිදු කරන වදහිංසා පැමිණවීම, අතුරුදහන් කිරීම් සහ අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරාදැමීම් සාදනය කරන කරුණක් ඇත. ඒ උතුරු නැගෙනහිර යුද්දය පැවති සමයේ දෙමල සාමාන්‍ය ජනයා කොතෙක්දුරට පිඩාවට පත්වුවාද යන්නය.

ශ්‍රී ලංකාවේ අහිමි වටිනාකම් ත්‍රිත්වයකි. ඒ විශ්වසනීයත්වය, වගවීම සහ විනිවිදබාවයයි. දෙමල ජනයාට යුද්දය අවසන් වුවාට ඔවුන්ට හිමිවිය යුතු අයිතීන් තවමත් ලැබී නැත. ඔවුන් සුළු තරය ලෙස නැතිනම් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස දිගටම වෙනස්කමට බාජනය වෙමින් සිටිති. මේ වෙනස්කම තුරන් කිරීමට ජාත්‍යන්තරයෙන් ක්‍රියාමාර්ග ගන්නාතුරු කල් මැරිය යුතු නැත.

බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය ලංකා බලදාරීන්ට අනතුරු අගවන ලදී. ඒ යුද අපරාද පිළිබද පරීක්ෂණ කරන ලෙසත් එසේනොවුනහොත් ජාත්‍යන්තරයට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්ය.

දෙමල ජනයාට දෙවැනි පුරවැසියන් ලෙස නොසලකන්නට ගත හැකි ජාත්‍යන්තරයට දැනෙන ක්‍රියාව දරුස්මන් චෝදනා විබාග කිරීමයි. ඊ ලගට ලංකාවට එල්ලවන බරපතල චෝදනාවක් වන්නේ විනිවිදබාවය, වගවීම සහ විශ්වසනීයත්වය නොමැතිකමයි. ඒ දේ පිළිබද යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීමේ අරම්බක පියවර වන්නේද ශ්‍රී ලංකා රජය දරුස්මාන් වාර්තාව සම්බන්දයෙන් අවංකව ක්‍රියා කිරීමයි.


Tell a Friend