විනිවිදබාවය, වගවීම වෙනුවට බුමිය, ජාතිය සහ විශ්වාසය

හර්ෂි සි. පෙරේරා
බ්‍රස්පතින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ප්‍රදානි නවනිදින් පිල්ලේ ශ්‍රී ලංකාවට අනතුරු අගවුවාය. ඒ යුද අපරාද පිළිබද ප්‍රමාද නොකර විමර්ශන කරන ලෙසත් එසේනොවිම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවත්ය.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සිදුවුයේ යුද්දය පැවති උතුරු නැගෙනහිර පමණක් නොවේ. දකුණේ වදහිංසාව, පැහැරගෙනයාම්, අතුරුදහන් කිරීම් සහ අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම අඩු වැඩි වශයෙන් සිදු විය. එයට ජේ අර ගේ සිට මහින්ද දක්වා යුක්තිය පසිදලීම හෝ ඒවා අවසන් කර දැමීමට කටයුතු කලේ නැත. දැනටත් තත්වය එසේමය.

නිදර්ශනයකට ජිනසිරි ප්‍රනාන්දුගේ සිද්දියෙන්...

මොරටුව පොලිසියේ සාලිය නමැති පොලිස් නිලධාරියා හා තවත් අයෙකු සමග අල්ලාගෙන ඒ අවස්ථාවේදීම සවලක් අරන් මට එහි මිටෙන් පහර දුන්නා. මාව ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයෙන් මොරටුව පොලිසියට ගෙන ගියා.

එසේ ගෙනගොස් සාලිය නමැති නිලධාරියා මගෙන් කුඩු ඉල්ලූවා. මා ළඟ කුඩු නැති බව මා කිව්වා. එයින් පසුව මාව කූඩුවට දැම්මා. එදින සිට 2011.06.28 වන දින දක්වා මාව නිරුවත්කොට ප‍්‍රසන්න නමැති නිලධාරියා ඇතුළු නිලධාරින් මට පහරදී අමානුෂික ලෙස වධහිංසා කරන ලදි.

උතුරු නැගෙනහිර යුද්දය අවසන් වුවාට මානව හිමිකම් උල්ලන්ගනයන් වල අඩුවක් නැත. ඊයේ මඩකලපුවේ සිදුවූ මංකොල්ලයත් සමග එහි ජනයා කිවේ කොටින්ගේ පාලනය පැවති සමයට වඩා වැඩියෙන් මංකොල්ලයන් සිදුවන බවයි.

දරුස්මන් වාර්තාව ලැබී ඇත. එය එක්සත් ජාතින් ප්‍රසිද්ද කිරීමටත් පෙර එහි කොටස් පුවත් පත් වලට දීමට බලදාරීහු ක්‍රියා කළහ. නමුත් එය සිංහලට පරිවර්තනය කර සාමාන්‍ය ජනයා අතට පත් කිරීමට බලදාරින් මේ දක්වාම ක්‍රියා කර නැත. දරුස්මන් වාර්තාවෙන් දැඩිව ප්‍රශ්න කෙරෙන්නේ ආණ්ඩුවේ වගවිමයි.

සාමාන්‍ය ජනයා මුළා කිරීමට යොදා ගන්නා වචන වන්නේ බුමිය, ජාතිය සහ විශ්වාසයයි. තවද විනිවිදබාවය සහ වගවීම යන්න ගැන බලදාරීන් අවදානය යොමු නොකරන බව තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත පරාජය කිරීමෙන් මනාව පිලිබිබු වේ.

විනිවිදබාවය සහ වගවීම ස්ථාපිත කිරීම සදහා අත්‍යවශ්‍යම සාදක දෙකක් ලෙස දරුස්මාන් වාර්තාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය දැක්විය හැක. මේ පිලිබදව බලදාරීන්ට බලපෑම් කල හැක්කේ සිවිල් සමාජයට, මාද්‍යට සහ සාමාන්‍ය ජනතාවටයි.







Tell a Friend