SPECIAL: බයිපාස් සැත්කමට භාජනය වී සිටි රෝගියාට පහරදී අතක් කඩයි

කටුනායක ප්‍රහාරයේ තොරතුරු

පසුගිය 30 වන දා කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ පැවැති සේවක උද්ඝෝෂණයේ දී බරපතල සැක්කම් වලට භාජනය වී සිටි සේවකයන්ට පවා තමුන් අසනීප තත්ත්වයෙන් පසුවන්න බව ප්‍රකාශ කරසිටියදීත් පොලීසිය ඉතා අමානුෂිකව පහරදුන් බව පැවසේ.

හදිසි අනතුරක් හේතුවෙන් සිදුවු අස්ථි බිදීමකට පත්වූ තරුණයෙකු තම පාදයේ අස්ථී යා කොට තහඩුවක් දමා අති බව ප්‍රකාශ කර සිටියදී පවා පොලීසිය බිම දමාගෙන එම තරුණයාට පහරදී තිබේ.

එසේම මීට වසරකට පමණ පෙර දරුණු හදවත් සැත්කමකට භාජනට වී ඇති කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ස්මාට් ෂර්ට් ආයතනයේ සේවය කරන 29 හැවිරිදි අවිවාහකයෙකු වූ සුමේධ චන්දිමල්ට මෙසේ පහරදී තිබේ. ඔහු හඟුරන්කෙත පදියපැලැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 2004 වර්ෂයේ දී බයිපාස් සැත්කමකට භාජනය කර තිබේ.

සුමේධ එදින පැවැති උද්ඝෝෂණයට අසනීප තත්ත්වය මත සහභගී වී නැතත් ඒ ආසන්නයේ රැදී සිට තිබේ. එම අවස්ථාවේ කලාප භූමියට කඩා වැදුනු පොලීසිය එම ස්ථානයේ සිටි සේවකයන්ට දිගට හරහට පොලූ හා දම්වැල් වලින් පහරදීමට පටන් ගෙන තිබේ. ඒ අවස්ථාවේ තමුන් හදවත් සැත්කමකට භාජනය වී සිටින රෝගියෙකු බවත් තමන්ට පහර නොදෙන ලෙස තමුන් හැද සිටි කමීසය ගලවා පොලිස් නිළධාරීන් වෙත පෙන්වා සිටිමෙන් පසුවත් පොලිස් නිළධාරීන් ඉතා අමානුෂිකව සුමේධට බිම දමා පහරදී තිබේ.

එහි සිටි සහෝදර සේවකයන් සුමේධ හදවත් රොගියෙකු බවත් ඔහුට පහර නොදෙන ලෙස ඉල්ලා සුමේධව ආවරණය කරීමට ගිය විට ඔවුන් වෙතද පහරදී තිබේ. එම පහරදීමෙන් සුමේධගේ එක් අතක අස්ථීයක් බීදි ගොස් ඇති අතර ඔහු මීගමුව මූලික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

Tell a Friend