රොෂාන් මිය යයි. පොලිස්පති දිවිනහ ගත යුතුයි.

හර්ෂි සි. පෙරේරා

රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි රොෂාන් ශානක මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවැති සේවක විරෝධතාවයකදී එම සේවකයින් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකදී ප‍්‍රහාරයට ලක්වී මොහු රෝහල් ගත කර තිබිණි.

කීමට ඇත්තේ පොලිස්පති ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවයි. මෙහි වගකීම ජනදිපතිවරයාට, ආරක්ෂක ලේකම්ට මෙන්ම සියලුම ආණ්ඩු පක්ෂ මැති ඇමති ගොල්ලන්ට ඇත. පොලිසිය ආණ්ඩුවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනයයි. පොලිසියේ ඉහල නිලදරින්ට පහල නිලදාරීන්ගේ සියලු අත්තනෝමතික ක්‍රියා වලට වගකිව යුතුයි.

ආණ්ඩුවේ ආරක්ෂක කුක්කන් දකුණේ රොෂාන්ට සහ නිදහස් වෙළද කලාපේ කොල්ලන්ට සැලකුවේ මේ ආකාරයට නම් ඔවුන් උතුරේ යුද්ද සමයේ කල කිදේය සීතා ගැනීම අසීරු නැත. මෙම ආරක්ෂක කුක්කන්ගේ ඒක් අතක තියෙන්නට ඇත්තේ මානව හිමිකම් ප්‍රන්ග්පතිය නොව රාජපක්සගේ මරණ වරෙන්තුවයි.

රොෂාන් මරා දැමීම රාජපක්ස ආණ්ඩුව මෙරට ප්‍රජතන්රවාදයේ මළගමට පාන්සකුලය දීමක් වේ. ජනතාවනි අවදි වන්න. මේ කාලකන්නි ක්‍රියාවට විරුද්දව පාරට බහින්න.


Tell a Friend