අපගේ දරුවන්ට අබ සරණයි

අමිල ගුණරත්න

ගා/බටේමුල්ල ජාතික පාසලේ ක‍්‍රීඩා උපදේශක හා බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක ත‍්‍රිපිටක ධර්මවේදී අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයා විසින් ලියන ලද විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය (http://rcgbs.wordpress.com/tag/buddhism/ ) ලිපිය කියවන විට එම මහතාට 6 පන්තියේ ළමයෙකුගේ තරම් වත් විද්‍යාව පිලිබඳ දැනීමක් නැති බව පෙනේ. එතුමාගේ ලිපියේ පහත කරුණු අපගේ අවධානයට යොමු විය.

1) ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් විද්‍යාවන් වර්ග වී ඇත. නමුත් බුදු දහම ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් අභිබවමින් විනිවිද යමින් විද්‍යාත්මක සංකල්ප ඇතුළත් වෙනත් විද්‍යාවත් ලොවට හෙළි කළේය. ඉහත විද්‍යාවන්වල අවසානයේ සත්වයාට උරුම වී ඇත්තේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් ප‍්‍රත්‍යක්ෂ වී ඇතැයි සිතිය යුතුයි.

( අප දන්නා තරමට වසුරිය එන්නත සොයා ගැනීම, පෙනිසිලින් සොයාගැනීම වැනි විද්‍යා පරියේෂණ නිසා සත්වයාට උරුමවුයේ සුගතියකි. විද්‍යාවේ ප්‍රතිලාභ භුක්ති විදිමින් විද්‍යාවට බැනීම නලීන් ද සිල්වලාගේ සිට මෙවැනි අංකුරයන් දක්වා කට්ටිය කිරීම දැන් මෝස්තරයකි )

2) තවද ආහාර වශයෙන් ගන්නා ආහාර වල පෝෂ්‍ය ගුණයේ බහුලතාව මත ප්‍රෝටීන්, කාබෝහයිඞ්ඩ්‍රේට්, විටමින් වර්ග පෙන්වා දී ඇත. ඒවා කිසිවක් මේසයක් මත හෝ අත්ල මත තබා මෙන්න මේවා ප්‍රෝටීන් බවත්, මේවා කාබෝහයිඞ්ඩ්‍රේට් බවත් පෙන්විය නොහැකිය. එතන ඇත්තේ කුමක්ද ආධ්‍යාත්මික ශක්තියකි. ප්‍රෝටීන් සෑදෙනුයේ වායූන් වර්ග කිහිපයක එකතුවකිනි.
( ප්‍රෝටීන් සෑදෙනුයේ වායූන් වර්ග කිහිපයක එකතුවකිනි? මෙම සොයාගැනීමට ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මහතාට නොබෙල් ත්‍යාගය දිය යුතුය )

නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයද විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ප‍්‍රචලිත ප‍්‍රකාශයකි. පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි. මේ කියමනද බුදු දහමට අනුව බැලීමේදී බැහැර කළ යුතු සංකල්පයකි. මිනිසා පරිණාමය වූයේ වානර කුලෙන් බව මතුකර පෙන්වා දීමට උත්සාහ කර ඇත. එසේ නම් අද වානරයන් නොමැති විය යුතුය. මිනිසා විතරද පරිණාමය වි ඇත්තේ. එදා මදුරුවා අදත් ඒ අයුරින්ම දැකිය හැකිය. මිනිසා ඒ තරම්ව පරිණාමය වන දුර්වල සත්වයෙක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. මතුපිටින් ගත් දත්ත වලින් නිගමන වලට ප‍්‍රවේශ වීමෙන් සමස්ත දෙනෙකු නොමග යන බව සිහියේ තබා ගත යුතුව ඇත. තවද දිව්‍ය ලෝකවල මොනරුන් කිකිළියන් සිටිය හැක. ආධ්‍යාත්මික කායවලින් පෙනී සිටින සතුන් මෙහි පැමිණ භෞතික කායවල් නිර්මාණය විය හැකිය. නැතිනම් කිකිළිය හා බිිත්තරය ගෙන බැලීමේදී කිකිළියද බිත්තරයද ඉස්සර වෙලා ඇති වූයේ සංකල්පය බිඳ දැමිය හැකිය.

( මොහු විද්‍යාව පමණක් නොවේ බුදු දහමද හරි හැටි නොදැන නොදන්නා හැඩයි )

සටහන
ප්‍රශ්නය ඇත්තේ 6 පන්තියේ විද්‍යා දැනුමවත් නැති පුද්ගලයෙකු විසින් ලියන ලද මෙම ලිපියේ නොව ධර්මාචාර්ය සමත් අයට ගුරු පත්වීම්, නොදුන්නොත් හිමිවරු තනතුරුවලින් අස්‌වන බව කියන
සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක හිමියන්ගේ කතාවටයි. මෙවැනි අන්දමේ දැනුමක් ඇති ධර්මාචාර්යවරු අපගේ දරුවන්ට උගනන්නට යන්නේ නම් දරුවන්ට අබ සරණය.


Tell a Friend