තොරතුරු දැන ගැනිමට ජනතාවට තිබෙන අයිතිය

තොරතුරු දැන ගැනිමට ජනතාවට තිබෙන අයිතිය තහවුරු කරන පනත පාර්ලිමෙන්තුව තුල බලය භාවිතා කරමින් පරාජය කලේ රටට සේවය කිරිමට නොව ජනතා අයිතිවාසිකම් උදුරා ගැනිමට බව එක්සත් මාධ්‍ය සංසදයේ සභාපති මාධ්‍යවෙදි සුජිත් මංගල ද සිල්වා පවසයි.

අද කොළඹ ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් එක්සත් මාධ්‍ය සංසදයේ සභාපති මාධ්‍යවෙදි සුජිත් මංගල ද සිල්වා මේ බව කියා සිටියා.

තොරතුරු දැන ගැනිමට ජනතාවට තිබෙන අයිතිය තහවුරු කෙරේන පනත පාර්ලිමෙන්තුව තුල රජය පරාජය කිරිමත් සමගම රට තුල අලුත් වාතාවරණයක් නිර්මාණය වි තිබෙනවා.තොරතුරු දැන ගැනිමට ජනතාවට තිබෙන මෙම පනත පාර්ලිමෙන්තුව තුල පරාජයට පත්කිරිම සම්බන්ධව එක්සත් මාධ්‍ය සංසදය සිය කණගාටුව මෙන්ම විරොධයද පලකරනවා.තොරතුරු දැන ගැනිමට තිබෙන අයිතිය ආණ්ඩු පක්ෂයේ ,විපක්ෂයේ හෝ මාධ්‍යවෙදින්ගේ අයිතියක් නොවන අතර මෙම පනත සම්පුර්ණයෙන් ජනතාවගේ අයිතියක් බව කිව යුතුයි. එසේනම් ජනතාවට තිබේන ඒ අයිතිය උල්ලංඝනය කිරිමට එරේහිව ජනමාධ්‍යවෙදින් හැටියට අපට ප්‍රථම ජනතාව එකරාශි විය යුතුයි.තොරතුරු දැන ගැනිමට ජනතාවට තිබේන අයිතිය තහවුරු කෙරේන පනත ඉදිරිපත් කොට සම්මත කිරිමට ආණ්ඩුව භිය ඇයි?,ආණ්ඩුව කියන පරිදි ආණ්ඩුව දුෂණයෙන්,වංචාවෙන් සහ අකාර්ෂ්‍යමතාවයෙන් තොරනම් ජනතාව තොරතුරු දැන ගන්නවාට ආණ්ඩුව භිය ඇයි?.එනිසා මෙම පනත පාර්ලිමෙන්තුව තුල පරාජය කිරිමෙන් හෙලිවන්නේ ආණ්ඩුවට රටෙන් සහ ජනතාවගෙන් සැඟවිමට යමක් තිබෙන බව නොවෙද?.

පාර්ලිමෙන්තුවේ බහුතර බලය ආණ්ඩුව පාවිච්චි කරන්නේ රටට,ජනතාවට යහපතක් කිරිමට නොව ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරිමට භාවිතා වන බව මෙවැනි තත්ත්වයන්ගෙන් හෙලි නොවන්නෙද?මේම තත්ත්වය පරාජය කිරිමට සියලු මාධ්‍ය සංවිධාන,දේශපාලන පක්ෂ එකරාශි කර ගනිමින් රට පුරා ජනතාව දැනුවත් කිරිමේ සම්මණ්ත්‍රන මාළාවක් පැවැතිවිමටත්,පනත යලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් භාරදිමටත් කටයුතු කරන බව එක්සත් මාධ්‍ය සංසදයේ සභාපතිවරයා අවධාරණය කර සිටියා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු ජනමාධ්‍යවෙදින්ගේ ජාතික සංසදයේ සභාපති මාධ්‍යවේදි සිසිර සී විතානගේ කියා සිටියේ පනත පාර්ලිමෙන්තුව තුල සාකච්ඡාවට නොගේනම අහොසි කිරිමට ඡන්දය භාවිතා කිරිම ඉතා බරපතල තත්ත්වයක් බවයි.තොරතුරු දැන ගැනිමේ පනත ජනතාවගේ පනතක් බැවින් මෙය රැක ගැනිම සදහා ජනතාව එකරාශි ව්ය යුතු බවත් අවධාරනය කලා.

මෙම අවස්ථාවට එක්සත් මාධ්‍ය සංසදයේ ලේකම් මාධ්‍යවෙදි නාමල් පතිරගේ,ජාතික සංවිධායක මාධ්‍යවෙදි චතුරංග ද අල්විස යන අයද සහභාගි විය.


Tell a Friend