වයස අවුරුදු 65 ක් වූ පලින් න්‍ය්රමසුකෝ මනුෂ්‍ය සංහාරයකට වරදකරු වූ පළමු තැනැත්තියයි.
ඇයට එරෙහි මනුෂ්‍ය සංහාර පිළිබද චෝදනා 11 න් 07 කටම ඇය වරදකාරිය වුවාය. මේ බිහිසුණු මනුෂ්‍ය ගාතන සිදුවුයේ 1994 රුවන්ඩාවේ දකුණු බුටරි කලාපයේය.
නිරමසුකෝ දකුණු රුවන්ඩාවේ දියුණු පවුලක උපත ලැබිය. වයස 40 දී විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ ඇය ඉන් වසර 04 කට පසුව නීති උපාදිය ලබා ගත්තාය.
1992 දී ඇය කාන්තා කටයුතු පිළිබද ඇමතිනිය ලෙස පත්වූවාය. 1994 බහුතරය වූ හුටු ගෝත්‍රිකයින් විසින් වැඩි හරියක් ටුට්සින්වූ පුද්ගලයින් 8,00,000 ක් ගාතනය කරන තෙක්ම ඇය එරට කාන්තා කටයුතු ඇමතිනි ලෙස කටයුතු කළාය.
රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ ජය ගැනීමත් සමග ඇය කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට පැන ගත්තාය. 1997 දී කෙන්යාවේදී අත්අඩංගුවට පත් වූ ඇයව රුවන්ඩාව පිළිබද ජාත්‍යන්තර අපරාද විනිශ්ය සබාවට බාර දෙන ලදී.
අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment