නලීන් ද සිල්වා දේවාරූඩයෙන් රජරට ජලයට ආසනික් මිශ්‍ර බව හෙළි කරගනු ලබයි

අමිල ගුණරත්න

රජරට ප්‍රදේශවල වකුගඩු රෝගයට හේතුව ආසනික් විෂ රසායනය බව කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබේ. රජරට ජලයට ආසනික් මිශ්‍ර බව හෙළි කරගනු ලැබ ඇත්තේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට නොව දෙවියන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් තිබූ එම පරියේෂණ කණ්ඩායමේ සිටි පුද්ගලයකු මගින් බව පැවසේ. මේ සම්බදයෙන් වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය නලින්ද සිල්වා රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් විෂ රසායනයම බවත් තම කණ්ඩායමේ සිටි උද්භිද විද්යාදඥයන්, වෛද්‍යවරුන්, රසායන විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ සියලූම පරීක්ෂණයන්ට අනුව පරිසරයේ විවිධ සංඝටක තුළ ආසනික් අන්තර්ගත බව විද්යාවත්මකව සනාථ වුවද ජලයේ ආසනික් මිශදැයි පරීක්ෂා කිරීම අසීරු වූ නිසා ඒ සඳහා වෙනත් ආධ්‍යාත්මික ක්‍රමවේදයක් භාවිත කළ බව පවසයි. මේ වාර්තාවත් සමගම රජරට ප්‍රදේශවාසීන් කලබලයට පත්ව ඇත. නමුත් වකුගඩු රෝගයට ආසනික් විෂ රසායනිකයේ කිසිදු බලපෑමක් නොමැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍ය‍ මහාචාර්ය, විශ්ලේෂණ රසායන විද්‍ය‍ඥ ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Tell a Friend