මෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ අයියලාගේ වැඩ

අමිල ගුණරත්න

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් නම් මාර කොටසකි. මෑතකදී සෞඛ්‍ය ඇමති ගොනාට අන්දවා පෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරිම සඳහා අලුතින් එළි දැක්වෙන කෘති ලෙස පෙන්වා 2009 වසරේ මුද්‍රණය කළ පැරැණි කෘති දෙකක් ඉතා අලංකාර ලෙස පාර්සල් කර පීත්ත පටියකින් බැඳ සෞඛ්‍ය ඇමැතිවරයාට පිළිගන්වන ලදි. නමුත් මෙම මගඩිය ඇමැතිවරයාගේ මීටරයට හසුවීමත් සමගම නිලධාරීන්ට ඇඩ්රස් නැති විය. දුෂණය සහ ගසා කෑම අතින් වාර්තා තබා සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යටි මඩි ගසන්නේ විවිද ක්‍රම වලටය. කොටසක් පිටරටින් ගෙන්වන බෙහෙත් වලින් කොමිස් ගහ ගනිති. සමහරු වෛද්‍ය උපකරණ ආනයන කොට මල්ල පුරවා ගනිති. සමහරු කරන්නේ වැඩමුළු තරු පහේ හෝටල් වල පවත්වා හොර බිල් දමා සල්ලි ශේප් කිරීමය. ඒ මොනවත් නැති ඇත්තෝ ළදරු පෝෂණයට ගෙන්වන ත්‍රිපෝෂ වලින් හෝ ගාන මරා ගනිති. (සෞඛ්‍ය අමාත්‍යංශයේ ත්‍රිපෝෂ හොරකම මුලින්ම පටන්ගත්තේ ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වූ S.S.N ද සිල්වා නොහොත් සීක්කුගේ සුසන්ත නන්දසේන සිල්වා බව ත්‍රිපෝෂ අංශයේ සේවකයෝ පවසති. ඉන්පසුව මෙම නිලධාරියා මුදල් අමාත්‍යංශයට මාරු කර යවන ලදි. නමුත් සීක්කුගේ සුසන්ත නන්දසේන ද සිල්වා බෝ කල හොරකම තවම නිරුපද්‍රිතව කෙරේ ) නිමල් සිරිපාල සිල්වා ඇමතිව සිටි කාලයේ වගේ නොව දැන් සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශයේ කුණු අදියි. නිමල් සිරිපාල තමනුත් කන ගමන් නිලධාරීන්ටද මල්ල පුරවා ගැනීමට ඉඩ දී සහයෝගීතාවෙන් වැඩ කළේය. නමුත් මෛත්‍රීපාල සිරිසේන බාල්දි කාරයෙකි. දැනට නම් ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ යටි මඩි කේස් අදින්නෙකි. අනාගතයේ ඔහු නිමල් සිරිපාල මෙන් නිලධාරීන් සමග සහයෝගයෙන් (ජනතාවට කොකා පෙන්වා ) ගසා කයි ද නැත්නම් මේ විදියට දුෂණයට එදිරිව සටන් කරයිද යන්න අපි තවම නොදනිමු. නමුත් එතුමා යටි මඩි ගේමට බැස්සොත් හැකි උපරිම අන්දමට ඒවා ජනතාවට හෙළි කිරීමට අප පසුබට නොවන බව මෙහිදී කියමු.

Tell a Friend