මේ පොලිස්කාරයාට අපගේ ආචාරය


නම - සැරයන් ශාන්ත සේරසිංහ
පොලිස් ස්ථානය - මීරිගම පොලිසිය


රිය අනතුරක් නිසා වත්තල ප්‍රදේශයේ වියාපරිකයෙකුගේ අස්ථානගතවූ රුපියල් ලක්ෂ 13 වටිනා රන් පවුම් විස්සක මාලය යලි එහි අයිතිකරුවන්ට භාර දීමට මීරිගම පොලිස්ථානයේ සැරයන් ශාන්ත සේරසිංහ විසින් කටයුතු කොට ඇත. නිතරම පොලිසිය කරන අකටයුතුකම් ගැන ලියන අපට මෙවැනි පොලිස්කාරයන් කරන හොඳ වැඩද පෙනේ. එවැනි පොලිස් නිලධාරීන් දිරිමත් කිරීමට අවශ්‍ය වේ. එම නිසා මෙම සටහන තබමු. පොලිස් සැරයන් ශාන්ත සේරසිංහ ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට ආඩම්බරයෙකි. ශ්‍රී ලංකා පොලිසියේ කුපාඩියන් සිටියද අවංක ගුණ ගරුක මිනිසුන් ද සිටින බව ඔබ ක්‍රියාවෙන් පෙන්වා දී තිබේ. ඔබට අපගේ ආචාරය.


අමිල ගුණරත්න

Tell a Friend