අතින් පයින් නොව මොලයෙන් ජාත්‍යන්තරය දිනීම.

හර්ෂි සි. පෙරේරා
රාජිත කිවුවාක් මෙන් රාජපක්ස මොලයෙන් ජාත්‍යන්තරය දිනීමට සුදානම් වේ.

එහි ප්‍රථම පියවර ඉන්දීය අගමැතිවරයාට ලංකාවේ සංචාරයකට අරාදනා කිරීමයි. මෙය සිදුවන්නේ තමිල්නාඩුවේ ජයලලිතා ගිනි කන්දක් මෙන් පුපුරා යමින් සිටියදීය. ලංකාවට ආර්ථික සම්බාදක පැනවීමට සහ කච්චතිවු නැවත පවරා ගැනීමට එළබි යෝජනා, අපේ කම ගැන පාරම්බාන රජයකට තව කොතෙක් කල් පැවැත්ම පිළිබද ප්‍රශ්නයක් නොවේද?

ඊළගට ගුණදාස අමරසේකරයන් තමන්ගේ වල තමන් විසින් කැපීම ලෙස විස්තර කරන බැන්කි මුන්ගේ දෙවන දුර කාලයට ලංකාව සහය දෙන බවට ජි එල් පිරිස් ඇමතිවරයා කරන ප්‍රකාශයයි. මේ තත්වය වඩාත්ම බලපාන්නේ විරවන්සටය. ඔහුට කිසියම් හෝ ලැජ්ජාවක් ඇත්නම් තව දුරටත් මෙම කැබිනට්ටුවේ සිටිනවාද නැතිනම් ගෙදර යනවාදැයි තීරණය කිරීමට නියම කාලය එලබ ඇත.

ඊළගට ජනදිපතිවරයාගේ එළබෙන රුසියානු සංචාරයයි. ලිබියාව, රුසියාව, ඉරානය සහ චීනය ගැන මෙතෙක් රාජපක්සට බයවිමේ අවශ්‍යතාවක් නොතිබිණි. නමුත් මේ රටවල් සමග තවදුරටත් සබදතා තර කර ගැනීම අවශ්‍ය වේ. රුසියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල නිශේද බලය හිමිය. ඒ අනුව එක්සත් ජාතින් දරුස්මන් වාර්තාව සම්බන්දයෙන් යම් තීරණයක් ගතහොත් එය වළක්විමෙහිලා රුසියාවට සුවිශේෂී කාර්යබාරයක් කල හැක.

එහෙයින් යුද්දය ජයගත් ආකාරයට ජාත්‍යන්තරය ජය ගත නොහැකියි යන්න අවබෝද වීමද ඥානය පහල වීමකි.


Tell a Friend