අධිකරණ අමාත්‍ය චන්දසිරි ගජධීර ස්ත්‍රී දුෂකයෙකුට අත දෙයි ?

අමිල ගුණරත්න

ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර චෝදනා ලබා තිබෙන ජේ .ඩී .සී ජයසිංහ (ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ ) නොහොත් මුද්දරගම කුකුල් චාලි නමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා හොර රහසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැන තිබේ. ශ්‍රී ලංකා ගාර්ඩියන් විසින් මිට ඉහතදී මොහු ගැන අනාවරණ කරනු ලැබිය. (බලන්න) . මල්දෙනියගේ ප්‍රියදර්ශනී නමැති තරුණියට ලිංගික අතවරයක් කිරීම සහ ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ සිසුවියකගේ හිරි ඔතප් බිඳීමට තැත් කිරීම පිළිබඳව චෝදනා මොහුට තිබුණි. ක්‍රම සහ විධි උපයෝගී කරගෙන අදාල චෝදනා වලින් ගැලවී ගිය මොහු මිට පෙර වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සේවය කරමින් සිටියදී අමාත්‍යංශයේ මුදල් වංචාවකද නිරතවූ බව වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ හිටපු ජේෂ්ට නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතා ප්‍රකාශ කළේය. මේ නිසා එවකට එම අමාත්යංශය භාරව සිටි මහින්ද විජේසේකර ඇමතිවරයා ජේ .ඩී .සී ජයසිංහව වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයෙන් ඉවත් කරන ලදී.


Tell a Friend