යාපනේ තවත් අබිරහස් මරණයක්?

හර්ෂි සි. පෙරේරා
යුද්දය අවසන්ව වසර දෙකකට වැඩිය. යාපනේ ජනයාට අස්වැසිල්ලක් නැත. දරුස්මන් වාර්තාව සහ ශ්‍රී ලංකා ගාතක බුමි චැනල් 04 වීඩියෝ වෙන් පසු ජන ජීවිතය අවිනිශ්ෂිත කිරීමට කටයුතු කරන්නේ කවුද?

යුද්දයෙන් වසර දෙකකට පසුවත් සිදුවන මෙම අබිරහස් මරණ කියාපාන්නේ යුද්ද සමයේ යාපනයේ තත්වය කෙතරම් බිහිසුණු වූවාද යන්න නොවේද?

අද(26)යාපනයේ පුත්තූර් ප්‍රදේශයේ වාරතවත්ත ක්‍රීඩාංගණයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගෙළ වැල ළාගෙන මිය ගිය බව ට ඇඟවෙන ලෙස මෙම මළ සිරුර ප්‍රදර්ශනය වුවද මරණයට ලක් වූ පුද්ගලයාගේ දෙපා ඉතා හොඳින් පොළොව ස්පර්ශ වන නිසා හා තවත් කරුණු හේතු කොටගෙන මෙය සියදිවි නිසා ගැනීමක් නොව ඝාතනයක් බවට සැක කළ හැකි යයි අච්චුවේලි පොලීසියේ නිලධාරියෙක් අද දෙරණට කියා සිටියේය.

මෙම මරණය හේතුවෙන් ප්‍රදේශයම යම් භීතියකින් ඇළලී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බාලචන්ද්‍රන් සම්ගුණනාදන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බව දැනට සොයාගෙන ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

අච්චුවේලී පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.


Tell a Friend