ඊලියන්ත වයිට්ගේ තුන් දොස් නිවාරණ කසාය


අමිල ගුණරත්න 

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින ඊලියන්ත වයිට් හට කිසිදු වෛද්‍ය උපාධියක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රේජිස්ට්‍රර් වෛද්‍ය එන් ජේ නෝනිස් මහතා විසින් පසුගියදා සහතික කරන ලදී. ප්‍රෙඩ්නිසලෝන් වැනි ස්ටේරෝයිඩ විශාල අධි මාත්‍රා කසාය වලට මිශ්‍ර කොට හිමාල කන්දේ සෘෂි වරුන්ගේ රහස් බෙහෙත් ලෙසට ඊලියන්ත වයිට් රෝගීන්ට ලබා දෙන බවට අපට වාර්තාවී තිබේ. මෙම ප්‍රෙඩ්නිසලෝන් වැනි ස්ටේරෝයිඩ බොහෝ සුවකළ නොහැකි වේදනා වැනි රෝග තත්වයන්ට හොදින් ප්‍රතිචාර දැක්කුවද අධි මාත්‍රා දීර්ගකාලීනව ගැනීම නිසා පිළිකා පවා හටගත හැකි බව කොළඹ මහා රෝහලේ කායික රෝග වෛද්‍යවරයෙකු ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකාශ කළේය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු වෛද්‍ය උපාධියක් නොමැතිව මෙලෙස ප්‍රතිකාර කිරීම දණ්ඩනීති සංග්‍රහය අනුව බරපතල වරදක් බවද පෙන්වා දුන්නේය. අප විසින් කරන ලද විමර්ෂණයන් අනුව ඊලියන්ත වයිට් යනු ඔහුගේ නියම නම නොවේ. සත්‍ය නම ගම සඟවා ඔහු ඊලියන්ත වයිට් නමින් පෙනී සිටයි. සාර් රුසියාවේ රස්පුටින් මෙන් තමන්ට අද්භූත ප්‍රතිකාර බලයක් තිබෙන බව බලවත් ධනවත් පුද්ගලයන්ට පෙන්වමින් ඔවුන්ට හිමාල කන්දේ ප්‍රෙඩ්නිසලෝන් කසාය ලබා දී ඔවුන්ගේ රෝග එකසැනින් සුව කරයි. තමන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ දැපනේ දමාගැනීමට හැකි වීම ඔහුගේ විශාල ජයග්‍රහණයක් විය. එමගින් ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. නමුත් තම අග්‍ර සේවාලාභියාටද අධි මාත්‍රා ප්‍රෙඩ්නිසලෝන් කසාය දිගින් දිගටම දීම නිසා රජතුමාගේ වෘෂණ කෝෂවල පිළිකා තත්ත්වක මුල් ලක්ෂණ ඇතිවිණි . මේ නිසා රටේ පැතිරුණු කටකතා නිසා ජාතික පුවත්පතක ප්‍රධාන කතෘවරයෙක් ද රජ ගෙදරට ගෙන්වාගෙන රජතුමා කොල්ලෙකු වගේ ව්‍යායාම කරන ඡායාරූප වලින් පුවත්පත පිරවිය. මෙලෙස ඊලියන්ත වයිට් ගේ හිමාල කන්දේ ප්‍රෙඩ්නිසලෝන් කසාය ප්‍රතිකාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග තහනම් උත්තේජක ලබාගත් බව සනාථ වී අවුරුදු දෙකක තරඟ තහනමකට මුහුණපෑමට සිදු විය. රජතුමාගේ බලපෑම නිසා උපුල් තරංග තමාට ඊලියන්ත වයිට් ප්‍රතිකාර කල බව දැන් සැඟවීමට සිදුවී තිබේ.



Tell a Friend