ඩමස්කස්හි සමලිංගික කෙල්ල

සිරියාවේ සමලිංගික ගැහැනියක් පවත්වාගෙන යන ආකාරයට රැවටිලි සහගත බ්ලොග් එකක් පවත්වාගෙන ගිය එහි හිමිකරු ශිෂ්‍යයා තම ක්‍රියාවන්ට විත්තිවාචක ගෙනෙයි.

එදින්බග් විශ්වවිද්‍යාලෙ ඇමෙරිකානු ශිෂ්‍ය ටොම් මක්මස්ටේර් මෙම බ්ලොග් එක මනක්කල්පිත එකක් යයි කියමින් එහි තොරතුරු සත්‍ය බවද කියයි.

40 හැවිරිදි විවාහක මිනිසාගේ බ්ලොග් එක එනම් දමස්කස්හි සමලිංගික කෙල්ල වර්තමාන දේශපාලන අස්ථාවරත්වය මද්යේ සිරියානු නාගරික ජීවිතය විස්තර කරයි.

මේ වසරේ පෙබරවාරි මස මෙම බ්ලොග් එක ආරම්බ විය. දමස්කස්හි ජිවත්වන අර්ද සිරියානු අර්ද ඇමෙරිකානු සමලිංගික තරුනියක්වූ 25 හැවිරිදි අමින අබ්දල අරෆ් අල ඔමරිගේ ජීවිතය මෙහි විස්තර වන බව පැවසේ.

එහි ඇගේ සමාජ ජීවිතය සහ සබදතා ආවරණය කෙරේ. නමුත් ඇය බසාර් අල අසාද් විවේචනය කරන්නීය. ඊට අමතරව ඇය ආණ්ඩුවට එරෙහි විරෝදතවලදී තම බුමිකාවද සාකච්චා කරන්නීය.

ගිය සදුදා මෙහි අමිනාගේ ඥාති සොයුරා විසින් ලියන බව සදහන් ලිපියක සදහන් වුයේ අමිනා ජනාදිපති අසද්ගේ අවිගත් මිනිසුන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙයට බි බි සි යද ඇතුළු මාද්‍ය මගින් විශාල ප්‍රසිද්දියක් ලබාදෙන ලදී. එහි ප්‍රතිපලය ලෙස ඇයව නිදහස් කරන්නයි ඉල්ලා විද්‍යුත් මෙහෙයුමක් ඇතිවිණි.

ඉරිදා මෙම බ්ලොග් එකේ පාටකයින්ගෙන් සමාව ඉල්ලා ලිපියක් පල විය. එහි යටින් අත්සන් තැබූ 40 හැවිරිදි එදින්බග් විශ්ව විද්‍යාලේ ශිෂ්‍ය ඇමෙරිකාවේ මැද පෙරදිග ක්‍රියාකරුවෙකු වූ ටොම් මක්මස්ටේර් කියා තිබුනේ මෙම බ්ලොගයේ පල වූ සියලු ලිපි වල නියම අයිතිකරු තමා බවයි.

ඔහු කියන ආකාරයට සිය අබිලාශය වී ඇත්තේ සිරියාවේ සබැ තොරතුරු පිටතට දීමයි. හෙතෙම බ්ලොග් එකේ පින්තුරයට යොදාගත් කන්තාවගෙන්ද සමාව ඇයද සිටියි.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend