විශ්‍රාම ගිය පොලිස්පති බ්‍රසීලයට!

හර්ෂි සි. පෙරේරා
ජුනි මස පොලිසිය වගවියයුතු කටුනායක අවසානාත්මක සිද්දියත් සමග විශ්‍රාම ගිය පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරියව බ්‍රසීල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇත. විදේශ අමත්යන්සය ඒ සදහා අනුමැතිය ලබාගැනීමට උසස් තනතුරු පිළිබද පාර්ලිමේන්තු කමිටුවට යොමු කර තිබේ.

පොලිස් වෙඩි පහරින් මියගිය රෝශේන්ගේ අවමගුල පවා සිය ඥාතීන්ට අවශ්‍ය පරිදි සිදු කිරීමේ නිදහසද අහිමි කෙරිණි. ඔහුගේ දෙමාපියන්ට මිලියන ගණනින් වන්දි ලබා දෙන බවට ප්‍රථම පුරවැසියා පොරොන්දු විය.

පහල පොලිස් නිලදාරින්ට තම සිතගියාව පරිදි ජිව උණ්ඩ බාවිතා කර පුද්ගලයකු මැරිය නොහැක. ඊට ඉහලින් අණ ලැබිය යුතුය. ඒ වගේම පොලිසියේ පහල නිලදාරීන්ගේ ක්‍රියා වලට ඉහල නිලදාරීන් වග වියයුතුය. ඒ අනුව එදා පොලිස්පති අද විශ්‍රාමික පොලිස්පති බාලසුරියට මෙම පුද්ගල ගාතනයට වගවීමක් ඇත.

ඔහුව විශ්‍රාම ගැන්වුයේ ආණ්ඩුවේ අවශ්‍යතාවයට බව දැන් පැහැදිලිය. ඔහුව බ්‍රසීල තානාපති ලෙස පත්කිරීම රාජපක්ස රෙජීමයේ අපරාද සිදු කොට නිදැල්ලේ සිටීමේ වාතාවරණය පමණක් නොව අපරාදකරුවන් ඇත දීමේ ප්‍රවණතාවයට ඇති නිදසුන් සිය ගණනින් මෙය එකක් පමණි.


Tell a Friend