කෙමරුග් නායකයින්ට එරෙහි නඩුව නැවතත් විබාගයට.

20 වන සියවසේ වඩාත් අදුරු පරිච්චේදයක්වූ විප්ලවයෙන් දශක ගණනාවකට පසුව කාම්බෝජයේ මිනීමරු කෙමරුග් පාලනයේ හිටපු දැනට ජිවතුන් අතර සිටින වඩාත්ම ජෙෂ්ට සාමාජිකයින් සිවුදෙනාට විරුද්ද නඩුව එක්සත් ජාතින් සදුදා අරඹ කරන ලදී.

විත්තිකරුවන් වයස අවුරුදු 79 ත් 85 ත් අතර වේ. මොවුන් ගාතක බුමි විප්ලවයට නායකත්වය දුන් ප්‍රන්සයේ අද්‍යාපනය ලැබූ උග්‍ර මවොවාදියකු වූ මියගිය පොල්පොට්ගේ සමීපතයින් වේ.

ජනගහනයෙන් 1/4 ක් එනම් කාම්බෝජ ජාතිකයින් මිලියන 1.7 ක් 1975 සිට 1979 අතර කාලයේ වදහිංසා පැමිණවීම, එල්ල මැරීම කුසගින්නේ සහ විඩාවට පමුණුවා මැරීම සිදුවිය.

මෙම සිවු දෙනා අතර 84 හැවිරිදි හිටපු ආරක්ෂක ප්‍රදනී නුඔන් ච්රා ,79 හැවිරිදි හිටපු ජනාදිපති කිහු සම්ප්හන්, 85 හැවිරිදි හිටපු විදේශ ඇමති ලෙන් සරි සහ ලෙන් සරිගේ 79 හැවිරිදි බිරිද හිටපු සමාජ කටයුතු ඇමතිනි ලෙන් තිරිත් වේ.

මොවුන්ට එරෙහි චෝදනා වන්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද, යුද අපරාද, මනුෂ්‍ය සංහාර, ආගම මත පිඩාවට පත්කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ගාතන සහ වදහිංසා පැමිණවීමයි.

සියලුදෙනා තමන් චෝදනා වලට නිවැරදිකරුවන් යයි කීමට නියමිත අතර දැනටමත් නුඔන් චිරා නඩු විබාග කර්යපටිපටිය ලජ්ජා සහගත එකක් බව කියයි.

පොල්පොට් 1998 දී මිය ගියේය. එක් කෙම රුග් සාමාජිකයකුට පමණක් දඩුවම් දී ඇත.

අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා






Tell a Friend