හර්ෂි සි. පෙරේරා
මාතර දිසා විනිසුරු කේ.ඞී.එල් සමන් කුමාර මහතාට පහර දී පසුගිය 22 වැනි දා මාතර දී ඔහුගේ මෝටර් රථයට අලාභ හානි කළැයි කියන හමුදා සැරයන් එල්. ගාමිණී විනිසුරු ඉදිරියේ දනගසා හිස බිම තබා වැඳ සමාව ගත්තේය. කෝප‍්‍රල් ඩබ්ලිව්.ඒ. චමින්ද කුමාර හා සෙබළ පී.සී.ඞී.එස්. චන්දසිරි දන ගසා දෙ අත් එකතු කැර ආචාර කැර සමාව ගත්හ.
ඔවුනට සමාව දීමට විනිසුරු සමන් කුමාර මහතා ද කැමැත්ත පළ කෙළේය. ඒ අනුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ රණතුංග මහතා ඉදිරියේ නඩුව සමථයකට පත්විය.
මහේස්ත‍්‍රාත් රණතුංග මහතා යුද හමුදාවෙන් විමැසුයේ පහරදුන් තවත් අය සිටී ද යන්නයි. ඒ ගැන සොයා බලා වාර්තා කිරීමට හමුදාව එකඟ විය. වැඩි දුර විභාගය ලබන 6 වැනි දාට කල් තැබිණි.
අපේ රටේ නීතියක් නැති බව අමුතුවෙන් කිවියුතු නැත. ඒ වෙනුවට දණ්ඩ මුක්තිය නම් සෑම තැනකම ඇත. ඉහත සිද්දියේදී අපරාදයක් සමත කර ඇත. මෙවැනි අපරාද සමත කිරීම් ගණනාවක් මෑත කාලයේදී අසන්නට ලැබිණි. ඉහත සිද්දියේදී සමාව දී ඇත්තේ අදිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරයකි. මෙය වක්‍රාකාරයෙන් දණ්ඩ මුක්තියට හවුල් වීමකි.
අපරාදයක් සලකන්නේ රජයට එරෙහි ක්‍රියාවක් හැටියටයි. එහිදී පිඩාවට පත් පාර්ශවය සමාව දීමට එකග වුවත් නඩුව ඉදිරියට පවත්වාගෙන යමින් ඇත්ත නැත්ත සෙවීමේ වගකීම රජයට ඇත. අපරාදයකට දඩුවම් නියම වීම හෝ චුදිතයින් නිදහස් වීම සිදුවිය යුත්තේ එය සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පුවූ විටදීය.
ඉහත ආකාරයේ අපරාද නඩු සමත වීම මෙරට අපරාද නඩු විදාන සංග්‍රහය පුස්සක් බවට පත් කරයි. එබැවින් මේ නීතියේ කඩාවැටීමට කඩිනමින් පිළියම් නොයෙදුවහොත් නීති ක්ෂේත්‍රයේ අරාජිකත්වයක් ඇති වනු නියතයි.

Post a Comment