කටුනායකදී වෙඩි වැදුණු රෝශේන්ගේ ජීවිතය අවදානම්.

යෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර පෙරේදා :30 දා* ඇතිවූ ගැටුමේදී පොලිස්‌ වෙඩි පහරට ලක් වූ රොෂෙන් ශානක මහතාගේ තත්ත්වය ඉතා බරපතල බව රාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ ඉණ ප්‍රදේශයට වැදුණු වෙඩි පහරසන් වකුගඩු අක්‍රියව ඇති අතර, ඔහුගේ දකුණු පාදය ශල්‍යකර්මයකින් ඉවත් කර ඇත.


පොලිස්‌ වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ රොෂෙන් චානක ගල්ඔළුව, මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි.

ඔහු සේවයට ගොස්‌ ඇත්තේ මීට මාස හතරකට පමණ පෙර යයි ඔහුගේ මව වන ඩබ්ලිව්. ඩී. ස්‌වර්ණකාන්ති මහත්මිය පැවසුවාය.

සහෝදර සහෝදරියන් පස්‌ දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැන්නා ලෙස ඉපදුණු රොෂෙන්ගේ මේ වනවිට වයස අවුරුදු විසිදෙකකි.


සිද්ධිය හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසක් මේ වනවිටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ලේකම් ඩී. එම්. කේ. දිසානායක මහතා සඳහන් කරයි. රොෂෙන් චානක මහතාගේ තත්ත්වය බරපතල බව ඔහුද තහවුරු කළේය.

Tell a Friend