මුදිතා හල්ලියද්දට ගෝඨා බාප්පිගෙන් ලියුමක්

ආරක්ෂක ලේකම් කාර්යාලයේදීය

මුදිතා හල්ලියද්ද
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ට අනුබද්ධ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඇමරිකා එක්සත් ජනපදය

මුදිතා දුව වෙත

දුවේ උඹ මෙහෙම එළදෙනක් කියලා මමවත් මහින්ද අයියාවත් හිතුවේ නැත. මහින්ද අයියා ලංකාවේ ජනාධිපති උනාම අපි අපේ නෑදෑයෝ අමතක නොකර උන්ට හොඳටම සලකපු බව මම නොකීවට දුව දන්නවා ඇතිනේ. අපි මුදිතා දුවටයි පුතාටයි ඇමරිකාවට යන්න ඉඩ සලසලා දුන්නේ උඹලාට මෙහෙ වැලේ වැල් නැතුව හිටිය කාලයක බව අමතක කරන්න එපා. රටේ වියදමෙන් ඇමරිකාවට ගිහිල්ලා බොරුවට මොනව හරි කුරුටු ගාලා ඩොලර් ටිකක් හොයාගෙන ළමයින්ට උගන්නගෙන රටතොට බලාකියාගෙන ඉන්නේ නැතුව උඹ ඕන්නැති නෑකම් ඔය එම්බෙසියේ දොඩවන්න ගිහිල්ල අපිවත් සවුත්තු කළා. අයෝමාටත් හොඳටම තරහයි මුදිතා දුව කරපු මෝඩ වැඩේට. එකී ඒ කලෙත් කලේ හත්පොලේ ගාගන්න වැඩ කියල්ල අයෝමා මට ඊයේ හවසත් කිව්වා. අපේ නෑදෑ සනුහරේම ආණ්ඩුවේ ලොකු ලොකු පුටුවල ඉන්නවා කියලා විරුද්ධකාරයෝ අපිට මඩ ගහනවා. ඒ අස්සේ උඹ මෝඩ විදියට අපේ නෑකම් හැම තැනම කියව කියව ගිහිල්ලා අපිව නැති කරා. උඹේ බ්රේක් නැති කට නිසා මමත් මහින්ද අයියාත් වැටුනේ සුළුපටු අමාරුවක නෙවෙයි. අපි උඹව ඇමරිකා යවනකොට මගින් මගට කිව්වා නේද ඔය එම්බසි වල ඉන්නේ ලොකෝත්තරයෝ උන් අපිව දැක්කම සපත්තු ලෙවකන සයිස් එකට නැවිලා බොක්ක දෙන්න කතා කලත් අනිප්පැත්තට හැරුණු ගමන් අපිට එඩ්රස් නැති වෙන්න ගේම දෙනවා කියලා. ඒ කියලත් උඹට ඔහේ ගිහිල්ල කට පරිස්සම් කරගෙන්න ඉන්න බැරි උන හැටි. උඹේ අම්මටත් තිබ්බේ ඔය කටමයි කියලා බැසිල් මාමාත් කියනවා. මට දැන් කරන්න දෙයක් නැහැ , ගිය සුමනේ උඹේ මනුස්සයා ඇවිල්ලා මහින්ද අයියාව හමු වෙලා කුනු කුනු ගෑවා. මහින්ද අයියා කියන්නේ උඹව ලංකාවට ගෙන්නන්න කියලා . මට නම් දැන් ඕවට කතා කරන්න බැහැ. අනික මහින්ද අයියාට උඩින් මට යන්නත් බැහැ. දැනට ලංකාවට ඇවිල්ලා ඉඳපන්. අයියාගේ තරහා නිවුනාම පස්සේ ඔය එංගලන්තේ පැත්තෙවත් යන්න මොනවහරි සෙට් කරලා දෙන්නම් . එත් මේ පාර වත් දෙයියන්ගේ නාමයෙන් උඹේ බ්රේක් නැති කට පරිස්සම්කරගෙන ඉඳින්.

මීට

ආදරණීය
ගෝඨා බාප්පි

( ලියුම හොරෙන් කඩලා බලලා ෆොටෝ කොපියක් ගහගෙන ඒක ශ්‍රී ලංකා ගාර්ඩියන් එකට එව්වේ අමිල ගුණරත්න )

Tell a Friend