සිසුන් පාලනය කිරීමට නොහැකිනම් ඒ ගුරු මණ්ඩලයේ අදක්ෂතාවයයි.

හර්ෂි සි. පෙරේරා
මහනුවර, ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකුට අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකරන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් මහතා පවසයි.

ඒ පිළිබඳ විමර්ශන ලබන සඳුදා ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය. අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා ඊයේ(10) දිනයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මහනුවර පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණි.

එහිදී රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහනුවර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.සිද්ධිය සම්බන්ධ‍යෙන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව වාර්තා වේ. පහරකෑමට ලක්වූ 14 හැවිරිදි පාසල් සිසුවා අස්ථි බිදීමකට ලක්ව ‍මහනුවර මහරෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

කරන ලද වරද කුමක් වුවත් ශිෂ්යෙකුට ශාරීරික දඩුවම් පැමිණවීම, හිතුමතේ පන්ති තහනම් කිරීම, පාසලෙන් අස්කර ගන්නා ලෙසට දෙගුරුන්ට කරන බලපෑමද නීති විරෝදී වේ.

පාසැල තුල ශාරීරික දඩුවම් පැමිණවීම අද්යාපන අමාත්‍යංශ චක්‍රලේක අංක 2005/17 මගින් තහනම් කර තිබේ. දඩුවම් පැමිණවීම අපරාද නිතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. දඩුවම් (වදහිංසා) පැමිණවීම ආණ්ඩුක්‍රම විවස්ථාවේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමකි. 1994 අංක 22 දරන වදහිංසා පනත යටතේ අවුරුදු 07 කට නොඅඩු හා රුපියල් 10,000 කට යටත් වන වරදකි.



Tell a Friend