මොන්ට්‍රියෝල් නගරයේදී පොලිසිය විසින් මානසික රෝගියෙකුට වෙඩි තබා මරා දමයි

අමිල ගුණරත්න 

පිහියක් අතින් ගෙන කසල මලු කපමින් ආහාර සොයමින් සිටි මිනිසෙකු මොන්ට්‍රියෝල් පොලිසිය විසින් පසුගිය 9 දින වෙඩි තබා මරා දමනු ලැබිය. මෙම පුද්ගලයා ගෙයක් නොමැති මහමග ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු මානසික රෝගියෙකු බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබීමෙන් අසල සිටි රෝහල් සේවකයෙකුද මිය යන ලදී. පොලු පහර දී ගිල්ලවා මානසික රෝගීන් මරණ ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම තුන් වන ලෝකයට මානව හිමිකම් වදාරන බටහිර රටවලද පොලිසිය ක්‍රියා කරන්නේ මෘග ආකාරයට බව මෙම උදාහරණයෙන් පෙනී යයි. පිහියක් අතැතිව ප්‍රසිද්ධ ස්ථානයක සිටි මෙම මිනිසාට වෙඩි නොතබා වෙනත් ආකාරයකට දමනය කිරීමට හොඳාකාරව ඉඩ තිබු බව සිද්දිය සිඇසින් දුටු පුද්ගලයන් පවසති. නිරපරාදේ කල මනුෂ්‍ය ඝාතනය නිසා කම්පිතවූ මිනිසුන් පසුව ඝාතනය සිදුවූ ස්ථානයේ මල් තබා තමන්ගේ ශෝකය ප්‍රකාශ කළහ.

Tell a Friend


Tell a Friend