ශීතල වූ ඉන්දු ලංකා සබදතා

හර්ෂි සි. පෙරේරා
මේ ඉන්දු ලංකා සබදතා පිළිබද උණුසුම්ම පුවතයි.

"ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉන්දියාවේ රාමේශ්වරම්හි ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොට්ටයිපට්ටිනම් ගම්මානයේ ධීවරයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සඳහා ඉක්මනින් මැදිහත්වන ලෙස ඉන්දීය මධ්‍යම රජයෙන් හා තමිල්නාඩු රජයෙන් මෙම ධීවරයින් ඉල්ලා සිටින බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි."

මාස ගණනාවක සිට ඉන්දීය ඩිවර ප්‍රශ්නය ඉන්දු ලංකා සබදතා වලදී ප්‍රමුකත්වය ගෙන ඇත. තමිල්නාඩු මහා ඇමතිනි මේ පිළිබද අවදානය යොමුකරන ලෙස ඉන්දීය අගමැති මන්මෝහන් සින්ගෙන්ද ඉල්ලා තිබිණි.

ජයලලිතා සාදකය මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්දයෙන් හිසරදයක් වී ඇත. ඒ යුද අපරාද සම්බන්දයෙන් ආර්ථික සම්බාදක පැනවීමට, ක්ච්ච්ටිවූ දුපත නැවත ඉන්දියාවට පවරා ගැනීම සහ ඉන්දීය ශ්‍රී ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවය නතර කරන ලෙස වැනි ඉල්ලීම් මහා ඇමතිනිය මද්ද්යම ආණ්ඩුවෙන් ඉල්ලා තිබීමයි.

ඊළගට අලුත්ම තත්වය ශ්‍රී ලංකා 20 - 20 ප්‍රිමිය ලිග් ක්‍රිකට් තරගාවලියයි. ඉන්දියාව මෙයට තමන් සහබාගි නොවන බව කියයි. ලංකා බලදාරින් මේ ගැන සාකච්චා කරන්න ඉන්දියාවට යාමේ සුදානමක් ඇත.

එකක් පැහැදිලිය ඉන්දීය සහය නොමතිකමේ අඩුව රුසියාවට, චීනයට, ලිබියාවට හෝ ඉරානයට පිරවිය නොහැක. ශ්‍රී ලංකා බලදාරින්, 80 දශකයේ ඉන්දියාව ගුවනින් පරිප්පු දැමු සිද්දීන් වැනි දේ සදහා දැනට ශිතලව ඇති දෙරටේ සබදතා උණුසුම් කර නොගැනීමට වග බලා ගත යුතුය.


Tell a Friend