රෝශේන්ගේ මරණය සහ දණ්ඩ මුක්තිය

හර්ෂි සි. පෙරේරා
කටුනායක නිදහස් වෙළද කලාප සේවක රොෂේන් ඊයේ මිය ගියේය. බොහෝ දෙනා තුල ඇතිකළේ කනගාටුවකි. කලකිරීමකි. නමුත් තවමත් බහුතර සිංහල බවුද්ද ජනයාට මහින්ද හොදය.

රෝශේන්ගේ මරණය ඔහුගේ පවුලේ උදවියට මිල කල නොහැකි අදරනියකු මහින්දගේ ආරක්ෂක අන්ස විසින් අහිමි කිරීමක් වේ. ඔවුන්ට ඇති එකම සැනසීම මේ රාජ්ජය ත්‍රස්තවාදය සම්බන්දයෙන් යුක්තිය ඉටු වීමයි.

රොෂේන් රෝහල්ගතව සිටියදී මහින්ද ඔහුව පිටරට යවා හෝ ප්‍රතිකාර ලබාදීමට යෝජනා කල බව වාර්තා වේ. ඊළගට පොලිස්පති ඉල්ලා අස්විය. එය අවංකව කල දෙයක් නොව රාජපක්ස රෙජීමය බේරා ගැනීමට කල දෙයක් බව වටහා ගැනීම අසීරු නැත. වෙළද කලාප සේවකයින්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සෙවීමට එක පුද්ගල කොමිසමක් පත් කිරීමටද යයි. ලංකාව කොමිසම් සබා කල කි දෑ ගැන හොද ඉතිහාසයක් ඇති රටකි.

රෝශේන්ගේ පවුලේ උදවියට යුක්තිය ඉටු කිරීමට වූකලී කළහැකි එකම දෙය මෙන්ම එය මෙවැනි පොලිස් ත්‍රස්තවාදයක් අනාගතේ මේ රටේ උදාවීම වැළැක්වීමට කල හැකි එකම දේද වෙයි. අපක්ෂපාතිව යුක්තිය ඉටුවීම මගින් පොලිස් ත්‍රස්තවාදයට ඕඩරය දුන් රාජ්ජය ත්‍රස්තවාදය සොයා ගැනීමට හැකි වනු ඇත.

නමුත් මෙය කිරීමට රාජපක්ෂ රෙජීමය ඉඩ දෙයිද? නැත.

එපමණක් නොව රාජපක්ෂ රෙජීමය මෙම ගාතනය ශේප් කිරීමට කළහැකි සෑම දෙයකම නිරත වනු ඇත. අවසානයේ අපරදකරුවන් සහ ඔවුන්ව මෙහෙයවූ රාජ්ජය දඩුවම් නොලබා නිදැල්ලේ සිටිනු ඇත. එහි අරම්බක පියවර පොලිස්පති ඉල්ලා අස්වීමත් ජුනි 18 වැනිදා සිට ඔහු මියෙනතුරු හොද විශ්‍රාම වැටුපකට උරුමකම් කිමත්ය.




Tell a Friend