මම ලෝක බැංකුවේ තනතුරක් පසු පස හඹා ගියේ නෑ - හිලරි ක්ලින්ටන් කියයි.

කිෂානි වැලිවිටිගොඩ

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් තමා ලෝක බැංකුවේ ප්‍රධාන තනතුරක් පසු පස හඹා නොගිය බව ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඇය ලෝක බැංකුවේ සභාපතිධූරය බලාපොරොත්තුවෙන් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුවය. රොයිටර් පුවත් සේවය මගින් ප්‍රකාශ කර ඇත්තේ හිලරි ක්ලින්ටන්ගේ රජය ලේඛම් ධුර කාලයෙන් පසුව ලෝක බැංකුවේ සභාපති ධූරයට ඉල්ලුම් කර ඇති බවයි.

අප්‍රිකානු වෙළඳ කටයුතු වලට ඇති බාධා ඉවත කිරීමේ වැඩ පිළිවෙල ගැන සිදු කළ සාකාච්චාවකදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, "මම ඇමෙරිකානු ලේකම්වරිය වශයෙන් විශාල කැපවීමකින් සේවය කළා,"ලෙසය. නමුත් රොයිටර් පුවත් සේවය සඳහන් කරන අන්දමට හිලරි ක්ලින්ටන් ලබන අවුරුද්ද වන විට තම ධුරයෙන් ඉවත් වී රොබර්ට් සොලික් ගේ ධුර කාලය 2012 වන විට අවසන් හෙයින් ඔහු වෙනුවට ඇය ලෝක බැංකුවේ ප්‍රධාන තනතුර භාර ගැනීමට ගැන වන විටත් ධවල මන්දිරය සමග සාකච්චා කර ඇති බවයි.

Tell a Friend