මහින්දානන්දට ඉන්දීය සහය නොලැබෙයි.

හර්ෂි සි. පෙරේරා
ශී‍්‍ර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට ඉන්දීය කී‍්‍රඩකයන් අවශ්‍ය නොවන බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි.

ඉන්දීය කී‍්‍රඩකයන් නොමැතිව වුවද තරගාවලිය පැවැත්වීමට තීරණය කර අතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ සඳහා ඉන්දීය අනුග‍්‍රාහකයන්ගේද වැඩි අවශ්‍යතාවයක් නොවන බවත්ල අමාත්‍යවරයා කීය.

ශී‍්‍ර ලංකා අතුරු පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ :23* ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමග දුරකතනයෙන් කරන ලද සාකච්ඡාවේදීද ඉන්දීය බලධාරීන්ගේ ස්ථාවරයේ වෙනසක් නොකිරීම හේතුවෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා මේ තීරණයට පැමිණ ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යනතර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතරල ඉන්දීය කී‍්‍රඩකයන් මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා නොකිරීම හේතුවෙන් ඉන්දීය රූපවාහිනී නාලිකා මෙම තරගවලිය විකාශය කිරීමට තිබූ උනන්දුවද අඩුවි ඇතැයි ද ඇතැම් සමාගම් මේ වන විටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හට මේ පිළිබඳව දැනුම් දී ඇතැයි පැවසේ.

ඉන්දීය ප්රිම්ය ලිග් අවසන්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන්වා ගන්නා බවට පුරාජේරු කි මහින්දානන්දට එය ක්‍රියාත්මක කර ගැනීමටද නොහැකි විය. දැන් ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් සදහා ඔහුට ඉන්දීය ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත. හැබැයි ඔහු දැන් කියන්නේ ඉන්දීය ක්‍රීඩකයින් නැතුවද තමන් ප්‍රිමිය ලිග් පවත්වන බවයි.
 

ඉන්දීය ක්‍රීඩකයින් නොපැමිණීම මගින් දෙරට අතර සබදතා ශීතල වනු පෙන්නුම් කරයි.




Tell a Friend