අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ව මුලා කිරීම.

හර්ෂි සි. පෙරේරා
2009 මැයි මස අවසන් වූ යුද්දයේදී රදවාගෙන සිටින පුද්ගලයින්ගේ තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදෙන බව පොලිසිය මිට දින 10 කට පෙර ප්‍රසිද්ද ප්‍රකාශයක් කළේය.

මේ පිලිබදව අහස උසට බලාපොරොත්තු තබා ක්‍රියාත්මක වූ සියගණනක් ජනතාවට ආගිය අතක් නොමැති තම ඥාතීන් පිළිබද කිසිදු තොරතුරක් ලැබී නැත. පවුල් දහස් ගණනක් යුදයෙන් පසු තම ඥාතීන් සොයති. ඔවුන් සියලු දෙනාම පහේ දමිල ජාතිකයින්ය.

පොලිසිය කිවේ අදාල තොරතුරු සමීප ඥාතීන්ට පමණක් ලබා දෙන බවයි.

අතුර්දහන්වුවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ උද්ගෝෂණයක් කිරීමට සුදානම් වුවද එයට හමුදාව ඉඩ දුන්නේ නැත.

මෙය ඉතා කෙදනිය තත්වයකි. අතුරුදහන් කිරීම කුමන පරමාර්ථයෙන් කලත් එය බරපතල අපරාදයකි. ඔවුන්ගේ ඥාතීන්ට සිදුවුයේ කුමක්ද යන්න හෙළි නොකිරීම ඔවුන්වද අතුරුදහන් කිරීම හා සමානය. ඉහත පොලිස් ප්‍රකාශය ආණ්ඩුවට දිගින් දිගට එල්ලවන ජාත්‍යන්තර බලපෑමෙන් මිදී සිටීමට ගත් තවත් වංක පියවරකි. කෙසේනමුත් අතීසාරයට අමුඩ ගැසීමට නොහැකි බව බලදාරීන්ට පසක් වනු ඇත.


Tell a Friend