සිවිල් හා දේශපාලන නිදහස තහවුරු කළ යුතුයි

"මැතිවරණ කි්‍රයාවලියක මුලික අරමුණු ඉටුවීමට නම් පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක‍ෂාවන පරිසරයක් පැවතිය යුතු බවත්, යාපනය අලවෙට්ටි හි දී දෙමළ ජාතික සන්ධානයේ රැස්වීමකට පහරදීම මැතිවරණයක් පැවැත්වෙන යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන් හි දේශපාලන නිදහස සීමා වී ඇති ප්‍රමාණය පිළිබ`ද පිළිඹිබුවක් බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් ස`දහා වන ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ කටයුතු ආරම්භ කරමින් යාපනය අලවෙට්ටි හි දී පැවති රැස්වීමට පු`ඵල් ප්‍රචාරයක් ලබා දී තිබූ අතර එම පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද රැස්වී සිටියහ. යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ කටයුතු ආරම්භවීමෙන් පසුව පැවති විශාලතම මෙය වූ අතර මාධ්‍යවේදීන් සහ මැතිවරණ කි්‍රයාවලිය පිළිබ`ද උනන්දුවන පිරිස් සහ එම පක‍ෂයේ ආධාරකරුවන් ද එම අවස්ථාව එක් වූහ. රැස්වීම පැවැත්වෙමින් තිඛෙන මොහොතක එම ස්ථානයකට කඩා වැ`දුණු පිරිසක් පහරදී එම රැස්වීම කඩාකප්පල් කර ඇත.

මැතිවරණ කි්‍රයාවලියේ දී දේශපාලන පක‍ෂයක් හෝ අපේක‍ෂකයෙකු සතු මුලික අයිතියක් වන්නේ මතයක් දැරීම, එම මතය ප්‍රකාශ කිරීම සහ එම මතය වෙනුවෙන් සංවිධානයවීම ය. එම මූලික අයිතීන් ආරක‍ෂා නොවන තාක් මැතිවරණ කි්‍රයාවලියේ පිළිගත් අරමුණ සහ අභිමතාර්ථ ඉටු නොවේ. සෑම දේශපාලන පක‍ෂයකටම නිදහසේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම ස`දහා නිදහස පැවතිය යුතු අතර එම නිදහස තහවුරු කිරීම රජය සතු වගකීම වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උතුරු ප්‍රදේශයේ වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රක්කයන් හි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සහ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සීමාවන් පැවතුණි. අපේක‍ෂකයින්ට තර්ජන එල්ලවීම් සහ ඔවුන්ගේ කි්‍රයාකාරකම් පාලනයට උත්සහ දැරීම් ඒ අතර මුලික වේ. ප්‍රචාරක කටයුතු ස`දහා අවශ්‍ය ආරක‍ෂාව පක‍ෂ නායකයින්ට හිමි නොවන්නේ නම් එමගින් මැතිවරණයට ඉදිරිපත් වන සියලු පක‍ෂ වෙත සමඟ තරග බිමක් නිර්මාණය" නොවේ.

වසර 26 ක යුද්ධයකින් පසුව යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන් හි සිය`ඵ පළාත් පාලන ආයතනයන් පැවැත්වෙන මැතිවරණය එහි වැසියන්ට ඉතා වැදගත් වේ. එම පළාතේ වැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය සිය`ඵ පියවර ගැනීම මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු ස`දහා අවශ්‍ය ආරක‍ෂාව සහතික කිරීම කෙරෙහි වගකිවයුතු සිය`ඵ අංශයන් හි අවධානය යොමු විය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.


Tell a Friend