රසිනා නෆීක් ගැන රසීනා කිව්වේ මොනවාද ?

රසීනා නෆීක් නමැති ශ්‍රී ලාංකික තරුණිය පිළිබඳව කතාව ලංකාවේ කවුරුත් පාහේ දනියි. 2005 දී 17 හැවිරිදි රසීනා නෆීක් පවුලේ දුප්පත් කම නිසා සවුදි අරාභියේ රැකියාවක් සඳහා ගියාය. එහිදී ඇයගේ වගකීම වූයේ මාස හතරක් වයසැති කුඩා දරුවෙකු බලා ගැනීම සහ නිවසෙහි අනෙක් මෙහෙකාර කටයුතු වල නියැලීමය. මෙම දරුවාට සිදු වූ අභාග්‍ය සම්පන්න මරණය කිසිඳු පදනමකින් තොරව මිනි මැරුමක් ලෙස හැඳින් වූ සවුදි ස්වාමියාගේ පවුල ඇය පොලිසියට භාරදුන් අතර එහෙදී ඇයට පහර දී හා මරණ බවට තර්ජනය කොට ඇයගෙන් පාපොච්චාරණයක් ගන්නා ලදී. මේ පාපොච්චාරණය මත ඇය මරණ දඬුවමට නියම කරන ලස්සේ 2007 දීය. ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර වසර 04 කට පසු එය නිශ්බ්‍රපහ කරන ලදී. ඇය තවමත් සිටින්නේ මරණ දඬුවමට යටත්වය . ඇයට සමාව දෙන ලෙස ඉල්ලීමක් ගරු ජනාධිපති තුමා විසින් සවුදි අරභියේ මහා රජතුමා වෙත යවන ලදී. එත් තවමත් මේ පිලිබඳ අවසාන තීරණයක් ලැබී නැත. මේ සතියේ ඇය විසින් 2007 දෙමල බාසාවෙන් ලියන ලද ලිපියක් ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කොට ඇත. 

අදාළ ලිපියෙහි සම්පුරණ සිංහල පරිවර්තනය පහත දැක්වේ.


මෙම ප්‍රකාශය ලියා ඇත්තේ දෙමළ බසෙනි.
------------

2007 ජනවාරි 30 වන දින දීය,
අල් දහාමි සිරගෙය, අල් දහාමි නගරය.

මේ වනවිට අල් දවාමි සිර ගෙදර මිනි මැරුමක් සිදු කිරීම පිලිබඳ චෝදනාව යටතේ රඳවා සිටින රසීනා නෆීක් වන මම මෙසේ ප්‍රකාශ කොට සිටිමි.

මා මේ වන විටත් ඉහත සඳහන් චෝදනාව පිලිබ්නදව ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ප්‍රකාශයක් කොට ඇත.

මා මේ ප්‍රකශය කරන්නේ ඉහත සඳහන් තානාපති නිලධාරීනට කරනු ලැබූ ප්‍රකාශයට අමතරවය.

ලංකාවේ මාගේ ලිපිනය
එම . එස්, නෆීක්,
ශෆී නගර්
මුත්තුර්ය.

මාගේ සැබෑ වයස අවුරුදු 19 කි .
මගේ උපන් දිනය 1988 පෙබරවාරි 02 වනදාය.

බජුයිදීන් නමැති රැකියා නියෝජිතයකු මගේ උපන් දිනය 1982 පෙබරවාරි 02 ලෙස සඳහන් කොට මා වෙනුවෙන් ගුවන් ගමන් බලා පත්‍රයක් ලබා ගෙන ඇති නමුත් මාගේ සැබෑ උපන් දිනය 1988 පෙබරවාරි 02 වැනිදාය.
මම 2005 අප්‍රේල් මස පළමු වන දින සවුදි අරාභියට ලඟා වුණෙමි. සවුදි අරභියාවේ ගෙදරක ස්වාමි දුව යටතේ මාස එක හමාරක් පමණ මම සේවය කළෙමි. කිව යුතු කිසිඳු අතවරයක් මට සිදු නොවීය. මට භාරව තිබුනේ ඉවීම, සේදීම, මස හතරක් වයසැති දරුවෙකු බලා ගැනීමය.

මා මේ ගෙදරට පැමිණි දවසේ සිරාම මෙම දරුවා බලා ගැනීම මට පවරා තිබුණි. මා ගෙදර ඇය සමඟ ඉතා හොඳ සම්බන්ධයක් ඇතුව සිටියෙමි. අභාග්‍ය සම්පන්න සිද්දිය සිදු වූයේ මේ අතර වන අතර එය සිදු වූ දිනය හරියට මතක නැත. එය ඉරිදා දිනයක් වූ අතර එය පස්වරු 12. 30 ට පමණ එය සිදු විය. ගෙදර ස්වාමින් කිසිවෙකු මේ අවස්ථාවේ නිවසෙහි සිටියේ නැත. හාරමස් බිළිඳා හැර පිරිමි සහ ගැහැණු දරුවන් ගෙදර සිටියහ. සාමාන්‍යයෙන් දරුවාට කිරි පෙවීම කරන්නේ මා විසිනි. මෙම සිද්ධිය සිදු වූ දිනයේද මම මෙම දරුවාට කිරි පෙව්වෙමි.

මම දරුවාට කිරි පොවන අතර මට පෙනී ගියේ දරුවාගේ කටින් සහ නාසයෙන් පෙවූ කිරි කිරි ආපසු ගලා යන බවය. මම දරුවාගේ උගුර ඉතා මෘදුව ඇත ගෑවෙමි. දරුවා ඇස් වසා සිටි නිසා මා හිතුවේ දරුවා නිදා සිටිනවා කියාය.

ගෙදර ස්වාමි දුව නිවසට පැමිණියේ පස්වරු 1. 30 ට පමණය. දරුවා දැකීමෙන් පසු ඇය මට සෙරෙප්පු වලින් සහ අතින් පහර දුන් අතර දරුවා ගෙන ගියේය. මගේ නාසයෙන් ලේ ගලන්නට විය. ඉන් පසු පොලිසිය පැමිණ මා ඔවුන්ගේ අත් අඩංගුවට ගන්නා ලදී. මට පොලිසිය තුළදී පහර දෙන ලදී. ඔවුන් මට පටියකින් පහර දෙන ලදී. එසේ පහර දී දරුවා මා විසින් ගෙල මිරිකා මරා දැමූ බවට අත්සන් කරන ලෙසට බල කරන ලදී. ඔවුන් මා මෙම සටහනට අත්සන් නොකළහොත් කරන්ට් අල්ලන බවටත්- මරණ බවටත් තර්ජනය කරන ලදී.

මේ තත්වය යටතේ මට ලියන ලද ලේඛනයකට අත්සන් කිරීමට සිදු විය. ඉන් පසු ඔවුන් මා වෙනත් තැනකට ගෙන ගොස් ප්‍රශ්න අසන ලදී. මගේ මතකය මුළුමනින්ම නැති වී ගොස් තිබු අතර බියෙන් සහ තැති ගැන්වුණු තත්වයක් යටතේ දරුවාගේ ගෙල මිරිකීම පිළිබඳව මම පිලිගතිමි. අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් දිවුරා මා කියා සිටින්නේ මා මේ බිලිඳාගේ ගෙල මිරිකීමක් නොකළ බවය.

මෙම ප්‍රකාශය කියවා තේරුම් ගෙන මෙහි මගේ අත්සන තබමි,
 ..............
රසීනා නෆීක්
Tell a Friend