සියලු ශ්‍රී ලාංකිකයින් මේ පහරදීම හෙලා දැකිය යුතුය.


හර්ෂි සි. පෙරේරා
දෙමළ ජාතික සංධානය උතුරේ පැවැත්වූ රැස්වීමකදී හමුදා සාමාජිකයන් බව කියන පිරිසක් එහි සාමාජිකයනට පහරදී පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුනට ද පහරදීමට සැරැසුණු සිද්ධිය හෙළා දකින බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා නිවේදනයක් නිකුත් කරමින් කීය.

මේ සිද්ධියේදී මන්තී‍්‍රගේ ආරක්ෂකයන්ද තවාල ලැබූ බවත් නිදහසේ රැස්වීම, කතා කිරීමට හා එහාමෙහා යෑමේ මූලික අයිතීය සිඳ බිඳ දමා ඇති බවත් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කර සාමාන්‍ය පරිපාලනය ඇති කළ යුතු යැයි තමා බල කරනුයේ මෙවැනි සිද්ධි නිසා බවත් ඔහු කියයි.

මෙම සිද්දිය ආනන්ද සංගරී මහතා පමණක් නොව රටේ සාමය ගැන හැගීමක් ඇති සෑම ශ්‍රී ලාංකිකයෙක්ම හෙළා දැකිය යුතුය. දෙමල ජනයා රටේ ආණ්ඩුව සහ බහුතර සිංහල බවුද්දයින් සලකන්නේ පර දේශයකින් පැමිණි පිරිසක් ලෙසයි. ප්‍රාදේශීය ලේකම්ගේ, ග්‍රාමසේවකගේ සිට ජනදිපතිවරයා දක්වාම සිදුවන්නේ ඔවුන් වෙනස්කමට සහ පිඩාවට පත් කිරීමය.

ජනාදිපතිවරයා සේනාදිනායක ලෙස මේ සිද්දිය සම්බන්දයෙන් හමුදාවට එල්ල වී ඇති චෝදනා වහා විමර්ශනය කල යුතුය. එවැන්නකට දක්වන මැලිකම චැනල් 4 වැනි විඩිෙයා් සත්‍ය බවට සැකයක් දකුණේ මානව හිමිකම් ගරු කරන ජනයා තුල ඇතිවීම නොවැලැක්විය හැක.


Tell a Friend