ජි. එල්, කෙහෙළිය සහ ජයලලිතා

හර්ෂි සි. පෙරේරා

ජි. එල් ගේ මුනිවත  

ශී‍්‍ර ලංකාවට එරෙහිව තමිල්නාඩු ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කිරීමට විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් හට නොහැකි වෙයි.ඊයේ (ජූනි 08) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂයේ රවී කරුණානායක ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් විමසා සිටියේය.

කෙහෙළියගේ පුරසාරම්

ආණ්ඩුව අද ප්‍රකාශ කලේ තමන් ඉන්දීය මද්‍ය ආණ්ඩුව එක්ක පමණක් ගනුදෙනු කරන බවත් තමන්ට තනි ප්‍රාන්ත ආණ්ඩු ගැන උනන්දුවක් නැති බවයි. මෙසේ කිවේ කැබිනට් මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රබුක්වල්ලය. ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වුයේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව සම්මත කර ඇති ලංකාවට එරෙහි ආර්ථික සම්බාදක පැමිණවීම පිළිබද යෝජනාව ගැන පැන නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සියල්ල මෙසේ වෙද්දී එකක් පැහැදිලිය. දරුස්මාන් 26 වසරක යුද්දයට අසමාන නොවන බවයි. මම විදුලි පුටුවේ සිනාසෙමින් ගොස් වැඩිවෙන බවට පුරාජේරු කතා කි රාජපක්ස දරුස්මාන්ට විරුද්දව අත්සන් මිලියනයක් එකතු කළේය.

කැබිනට් අමාත්‍ය ජි එල් ගේ මුනිවත අන්කවරක් නොව බිතියේ සංකේතයකි. කෙහෙලියට ආණ්ඩුවේ චන්දදයකයින් රැකීමට අවශ්‍ය නිසා පුරසාරම් කිව යුතුය.

කෙසේනමුත් තමිල්නාඩුවේ යකඩ ගැහැණිය රාජපක්ෂට සහ ගැත්තන්ට හිසරදයක් වී අවසන්ය.


Tell a Friend