සිසුවියන් 20 දෙනාගේ පන්ති තහනම වහා ඉවත් කරනු.

හර්ෂි සි. පෙරේරා
විශ්ව විද්‍යාලය ඇතුලේ කලබල නිසා පංති තහනම් කෙරෙන්නේ විශාල කලබලයක් වුනොත්ය. බොහෝ විට පිරිමි සිසුන් මේ අවදානමට ලක්වේ. නමුත් ජපුර සරසවියෙන් වෙනස් ආකාරයේ අලූත්ම පංති තහනමක් වාර්තා වෙනවා.


මේ රොෂෙන් චානක වෙනුවෙන් මිනි පෙට්ටියක් ගෙනවිත් දැක්වූ විරෝධතාවක් නිසාය. තහනමට ලක්ව ඇත්තේ සිසුන් නොව සිසුවියන්ය.

විශ්ව විද්‍යාලය තුළට මිනීපෙට්ටියක් රැගෙන විත් කලහකාරී ලෙස හැසිරුනේ යයි දක්වා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් 20 දෙනෙකුගේ පන්ති තහනම් කරන්නට එම විශ්ව විද්‍යාලයීය පරිපාලනය පෙරේදා කටයුතු කර තිබෙනවා. මෙම සිසුවියන් පළමු වසරේ අය බවද වාර්තාවනවා.

ඇයි සිසුන් නැතිව සිසුවියන් වෙන්කර වෙනස් කමකට බාජනය කලේ? හිතන් ඉන්නේ සිසුවියන් පහසුවෙන් මරදනයටත් ඉන්පසුව ඔවුන්ගේ ප්‍රතිරෝදයත් අඩුයි කියලද?

කෙසේනමුත් ආණ්ඩු ගැති උපකුලපතිවරයාගේ මර්දනය කුහක වුවක්. එනිසයි ඔහු සිසුන් සහ සිසුවියන් වර්ගීකරණය කලේ. උගතකු තුලින් මෙවැනි කුහකත්වයක් පිලිබිබු වීම මෙරට අද්‍යපනයේ කඩාවැටීම පෙන්නුම් කරනවා.

කීමට ඇත්තේ මර්දනයට වැඩි ආයුෂ නොමැති බවයි. රෝශේන්ගේ මරණයෙන් ආරම්බ කල රාජපක්ස ගැති පාලනයේ අවසානය වැඩි ඇතක නොවේ. එය මෙවැනි කුහක මර්දනය කිරීම් මගින් වඩාත් ඉක්මන් කරනු ඇත.


Tell a Friend