සත්‍ය තොරතුරු දැන ගන්න අපට අයිතියක් "නැහැ".

හර්ෂි සි. පෙරේරා

අපේ සිවිල් සහ දේශපාලන අයිතියක් වූ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට විරෝදය පල කර එය කඩාකප්පල් කර ඇත්තේ අපේම චන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය උදවියයි.

"එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර කරූ ජයසුරිය මහතා විසින් අද :21 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 63 කින් පාර්ලිමේන්තුවේදී ප‍්‍රතික්ෂේප වී තිබේ. කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සිය පෞද්ගලික මන්ති‍්‍ර යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය."

යුද්දය අවසන් වී වසර දෙකක් ගත වී ඇත. නමුත් වත්මන් ආණ්ඩුව හදිසි නිතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එලෙසෙම පවත්වා ගෙන යනු ලැබේ. මෙම පනත් මගින් පොලිසිය ඇතුළු ආරක්ෂක අන්ස වලට වැඩි බලයක් හිමි අතර පුද්ගලයින් දිගු කාලයක් රදවාගෙන සිටිය හැක.

රාජපක්ස ආණ්ඩුව යටතේ මෙරට ම්ද්යවේදීන් ට යහපත් වාතාවරණයක් උදා වුයේ නැත. මද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය කෙරිණි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරිණි. සැලකිය යුතු මද්යවේදීන් ගණනාවක් රට හැර ගියහ. දශකයක පමණ කාලයක් තුල මද්‍ය්වේදීන් 17 දෙනෙකු පමණ මරා දමා ඇත.

රජය ජනතාවට තොරතුරු ලබා නොදෙන්නේ ඇයි? අපිට ජනතාව හැටියට සෑම මහජන වාර්තාවකටම හිමිකම් ඇත. ආණ්ඩුව චීන රුසියන් ආදාර යටතේ පාරක් හැදුවයි කියමු. මිට අදාල ටෙන්ඩර් පටිපාටිය ගැන දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. හාල් වල ආසනික් තියෙනවලු. කෝ ඒ ගැන පරික්ෂා කරපු වාර්තාව අපට දෙන්න. ඇයි මේවා වසන් කරන්නේ? වංචාව, දුෂණය සහ අල්ලස රජ කරවීමටයි. ඥාති සංග්‍රහය ඉදිරියට පවත්වා ගෙන යාමටයි.
















Tell a Friend