පෝද්දලලට ගහන කාලේ කවුද හමුදාවේ හිටියේ?

හර්ෂි සි. පෙරේරා

"අපි උබව දඩයම් කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ බල්ලෙක් වගේ මරලා දානවා."

පොද්දල ජයන්ත නමැති ප්‍රවීන මද්යවෙදියට මෙසේ තර්ජනය කර ඔහුව දරුණු වදහින්සාවට ලක් කළේ කවුද?

" මිනිස්සුන්ට මගේ රැවුල හොදට හුරුයි. එක මාව හදුනා ගන්න සංකේතයක් වුනා. මාව පැහැර ගත්ත අය මගේ රැවුල කැපුවා. කපපු රැවුල් ගස් ඔවුන් මගේ කටේ එබුවා. ඒවා මගේ උගුරේ හිර වුණා."

ඉහත ආකාරයට පොද්දලව දරුණු වදහින්සාවට ලක් කරන විට ලසන්තව මහදවල් ආදී ආරක්‍ෂිත කලාපේදී මරා දමනවිට හමුදාවේ ලොකු තැන්වල හිටියේ කවුද?

දරුස්මාන් වාර්තාවේ එල්ලවන බරපතල චෝදනා ඒ කියන්නේ කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් මරා දමන විට රෝහල් සහ පාසල් වලට ෂෙල් වෙඩි සහ ඒරියල් බෝම්බ ප්‍රහාර එල්ල කරනවිට රටේ සේනාදී නායකයා යටතේ පවතින හමුදාවට නායකත්වය දුන්නේ කවුද?

යුද අපරාද චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන්නේ නම් එළියේ සහ ඇතුලේ ඉන්න බොහෝ දෙනෙකුට එයට මුහුණ දීමට සිදුවනු ඇත.



Tell a Friend