පොලිසිය යෝගී ගුරුවරයාගේ උපවාසය නතර කරයි.

දුෂණයට විරුද්දව බබා රම්දෙව් සහ ඔහුගේ අදාරකරුවන්ගේ ආහාර වර්ජනය නතර කිරීමට පොලිසිය කදුළු ගෑස් ගසා පිරිස විසුරුවා හරිනු ලැබිණි. පොලිසිය ටික වෙලාවක් රටේ ප්‍රසිද්ද යෝග ගුරු බබා රම්දෙව් රදවා ගෙනද සිටියහ.

බබා රම්දෙව් ඉන්දියාවේ අගනුවර වූ නව දිල්ලියේ සෙනසුරාදා සිට මෙම ආහාර වර්ජනය පිළිබද උපවාසය කරගෙන ගියේ ඉන්දීය ආණ්ඩුවට රටේ සීග්‍රයෙන් ඉහල යන දුෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න ලෙස බල කරමිනි.

ආණ්ඩුව සෙනසුරාදා කියාසිටියේ රම්දෙව් ගේ ඉල්ලීම් ගණනාවක් සමග තමන් එකග වුවද ඔහු උපවාසය දිගටම කරගෙන යාමට උත්සාහ කල බවයි.

ඉරිදා බලය යොදා උපවාසකරුවන් ඉවත්කිරීම රම්දෙව්ගේ දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමටත් රට පුරා ඔහුගේ අදරකරුවන් විරෝදතා දියත් කිරීමටත් හේතු විය.

අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend