කුට්ටිමනී අපකීර්තියට නැවත පාවඩ එළයි.

හර්ෂි සි. පෙරේරා
බෝගම්බර සිර ගෙදර සිර දඬුවම් විඳින දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහර දී ඇතැයි මඩකලපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී.අරියනේන්ද්‍රන් මහතා ජනාධිපතිවරයාට ෆැක්ස් පණිවුඩයක් මගින් දන්වා තිබේ.

‘උඹලා බලා ගනිල්ලා කුට්ටිමනීට කරපු දේ තමයි උඹලාටත් කරන්නේ’ යනුවෙන් බැන වදිමින් බන්ධනාගාර නිලධාරීන් පසුගිය 14 වෙනිදින රාත‍්‍රියේදී පහර දී තිබේ. කුට්ටිමනී යනු අසූ තුනේ කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේදී පහර දී මරා දැමූ දෙමළ ජාතික සිරකරුවන් අතර සිටි ප‍්‍රධානියෙකි. එදා එම ම්ලේච්ඡු සිරකරුවන් ඝාතනය නිසා ශ‍්‍රී ලංකාව ලෝකයේ ඉමහත් අප‍්‍රසාදයකට ලක්විය.

බෝගම්බර අමානුෂික පහර කෑමට ලක්වූ සිරකරුවන් පිරිස මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

යුද අපරාද තොණ්ඩුව බෙල්ලට වැටී ඇති අවස්ථාවක රාජපක්ස ආණ්ඩුවේ මේ කෙරුවාව අපුරුය. නමුත් මෙහි අපකීර්තිය රාජපක්සලාට පමණක් නොව මුළු ශ්‍රී ලන්කිකයින්ටම විදීමට සිදු වේ. තවද මෙය බෝගම්බර සිරගෙදර නිලදාරින්ට පමණක් කල හැකි දෙයක් නොවේ. මිට අනිවාර්යෙන් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ සහය ලැබී තිබීම නිසැකය.

මොලයෙන් ජාත්‍යන්තරය දිනීමට නම් මෙවැනි ක්‍රියා ඇතිවීමට ඉඩ නොදිය යුතුය. එය එක්සත් ජාතීන්ට ප්‍රහාරක ගුවන් යානා තිලින කරමින් බැන්කි මුන්ට කඩේ යමින් සිදු කල හැක්කක් නොවේ.






Tell a Friend